Showing posts with label යසනාත් ධම්මික බණ්ඩාර. Show all posts
Showing posts with label යසනාත් ධම්මික බණ්ඩාර. Show all posts

Saturday, June 8, 2024

නොමියෙන සෙනෙහස

ගිණි සුළඟ නැවතුනාවේ
මල් සුවඳ ඉහිරුණාවේ
වලා සළු යට බැන්ද පෙම රහසේ

කුරුල්ලා ඇවිදින්
කිරිල්ලී නාඬන්නේ

ගලන ගංගාවේ දියසුළිය ඔබ නම්
මමයි නොබිඳෙන ගං ඉවුර නිබඳේ
හමන සැඩ සුළඟේ වා සුළිය මම නම්
ඔබයි නොනිමෙන පහන් සිල මහදේ

කුරුල්ලා ඇවිදින්
කිරිල්ලී නාඬන්නේ

හිරු ගිලෙන සයුරේ ඝණ අඳුර ඔබ නම්
මමයි ඉරබටු තරුව නිල් අහසේ
පාළු රෑ යාමේ නිද්‍රාව මම නම්
ඔබයි සිහිනය ඇඳෙන මගෙ දෑසේ

ගිණි සුළඟ නැවතුනාවේ
මල් සුවඳ ඉහිරුණාවේ
වලා සළු යට බැන්ද පෙම රහසේ

කුරුල්ලා ඇවිදින්
කිරිල්ලී නාඬන්නේ

ගායනය - රංජිත් කාරියවසම්
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - සුසන්ත මධුරප්පෙරුම


ගීයේ වීඩියෝව

Thursday, December 8, 2016

අර මෝදු වෙලා

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම

හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම ...//
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක ...//
මගෙ හද යහනත
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව - නවරත්න ගමගේ

Friday, September 30, 2016

බාල ළමා මල් පිපෙණා

බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ඇයි...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

සෝඩි ටිකිරි පා ගැටෙනා
පින්න ඉහෙන තණ පලසේ
ලා දළු යට නිදිකුම්බා
රුදු උල් හී ඇයි
(රුදු උල් හී ඇයි)

බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

තාම කිරි සුවඳ හමනා
බිළිඳු රෝස මුවකමලේ
සුවඳ මල් මතක උරණා
කළු දෙබරුන් ඇයි
(කළු දෙබරුන් ඇයි)

බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ඇයි...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...
ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

ගායනය - එඩ්වඩ් ජයකොඩි හා ළමා කැළ
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව - ප්‍රභාත් ආලෝක

Sunday, June 7, 2015

නොනිඳා ඉන්න එපා දේවී

නොනිඳා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිඳා ඉන්න එපා දේවී

හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා වැගිරෙණ
උණුසුමින් උණු නොවී
සෙල් මුවා හදවතට දුක්ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොව් දොර බිඳලන කඳුළු පල නැතී

නොනිඳා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිඳා ඉන්න එපා දේවී

හිරු සඳු සේ දරු රැකගෙන
පැණි රස සේ දුක් විඳගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරි
කටු ඇනී රිදුම් දෙන හදවත සමග නැවතෙමී

නොනිඳා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිඳා ඉන්න එපා දේවී

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Thursday, May 14, 2015

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

බුර බුරා දැ‍වෙන හිරු රැස් යට
කළු කුඩේ හෙවන යට හිඳගෙන
ඉකි ගසා හඬන හිත මුමුණා
ලියු ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

හඹ හඹා ඇදෙන නෙත් සහසක
බැල්මෙනා සැඟව එක් සැ‍ණෙකට
‍හෙමි ‍හෙමින් දෙඩූ වැකි අමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

ගායනය - නිරෝෂා විරාජිනී සහ සමන් ජයනාත්
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - කරුණාරත්න වි‍ජේවරධන

Anyone who has the link can play this song in your "Smart Phone"

Monday, May 11, 2015

රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ


රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ

පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්

ලොවට හොරෙන් නිදහසේ

දෑල මල් පිපුණු නිම්නේ නිලන තුරක් නම්
විහඟ වෙස් අරන් ගුවනේ පියඹා එන්නම්


හැපෙන බිඳෙන රළ වැල් ළඟ කෝල නොවෙන්නම්
මීන වෙස් අරන් දියඹේ පීනා එන්නම්


පාළු අඳුරු හිස් අහසේ දුලන සඳක්නම්
සීත පවන් රැල්ලක් සේ පාවී එන්නම්


රුවට දිලෙන තරු මල් යට ආල පුරන්නම්
මිහිරි සිහිනයට ඉඩදී දෑස පියන්නම්


රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ

පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්

ලොවට හොරෙන් නිදහසේ

 

ගායනය - නි‍රෝෂා විරාජිනී සමග අමරසිරි පීරිස්
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - කරුණාරත්න විජේවර්ධන


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි
Rehi Handin Ikibindina _ Amarasiri Peiris & Nirosha Virajini

Thursday, May 7, 2015

නුඹේ නෙත් තරු යැයි උවම් කොට

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ ...//

නුඹේ වත මලකැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මලක් නම් වත
ඇයිද කටු ලෙස ඇනෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ

නුඹේ සිත මෙලෙකැයි පසක් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිණිගෙන දවන්නේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Monday, April 6, 2015

නුඹ ළඟින් සිටි දා

නුඹ ළඟින් සිටි දා කියන්නට බැරිවුණු
කටු අකුරු කැබිලිති හරියටම නොලියුණ
කවියක් ව ලියැවුණු
හුදකලා මේ රෑ
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

රස කවි ලියන්නට හිතුණු දා
කවි නිමිති උදුරා
කවි වරම් නොමදුන්
කවි වදන්  සඟවා
කවි සිතට ගැරහුම්
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

රස ගී තනන්නට හිතුණු දා
හද විලම කළඹා
දී තැවුල් රිදවුම්
ගී කළල උදුරා
ගී සිතට වද දුන්
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක