මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
ආදරය කරුණාව දයා උතුරා ගලන
මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත රැඳී
ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
පරිසරය මා රකී රකිමි මම පරිසරය
ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
ගායනය - නාලිනී රණසිංහ
පද - සමරවීර වීරවන්නි
තනුව - ආනන්ද ජයසිංහ
Mage Sitha Thenpathya - Nalini Ranasinha

 
 
No comments:
Post a Comment