Showing posts with label ලයනල් ගිණිගේ. Show all posts
Showing posts with label ලයනල් ගිණිගේ. Show all posts

Sunday, July 21, 2019

අත වීරියෙන් ඔසවා


අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

අපගේ සරූ පොළවේ
හදෙ හීයෙ ගී වපුරා ...//
අතරේ නැගූ සුවයේ
ගීතේ ගයා මතුරා

එඩියයි දිරියයි
සතුටයි ශ්‍රමයයි
හැමදේ මෙලෙසේ යොදවා
සේවේ සදමූ රටෙහී ...//

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

හිසෙහී බැඳී ඇති දේ
සිතෙහී රැඳී ඇති දේ
සේවේ තකා පුදදී
සේවේ නිසා සිත දී

බලයයි ගුණයයි
දිරියයි එළියයි
කතරේ ජලයේ උතුරා
ලන දා දුර නෑ රටෙහී ...//

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ලයනල් ගිණිගේ
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය