Sunday, July 21, 2019

අත වීරියෙන් ඔසවා


අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

අපගේ සරූ පොළවේ
හදෙ හීයෙ ගී වපුරා ...//
අතරේ නැගූ සුවයේ
ගීතේ ගයා මතුරා

එඩියයි දිරියයි
සතුටයි ශ්‍රමයයි
හැමදේ මෙලෙසේ යොදවා
සේවේ සදමූ රටෙහී ...//

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

හිසෙහී බැඳී ඇති දේ
සිතෙහී රැඳී ඇති දේ
සේවේ තකා පුදදී
සේවේ නිසා සිත දී

බලයයි ගුණයයි
දිරියයි එළියයි
කතරේ ජලයේ උතුරා
ලන දා දුර නෑ රටෙහී ...//

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ ..//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ලයනල් ගිණිගේ
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

No comments: