Showing posts with label සමන් අතාවුදහෙට්ටි. Show all posts
Showing posts with label සමන් අතාවුදහෙට්ටි. Show all posts

Friday, June 5, 2020

රිදී නදී තාරකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

මල් පාරේ මල් ඉහිරී මල් ඇතිරිල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
මල් ඇතිරිලි යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

ආකාසේ තරු සැරසී සඳ සිහිලැල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
සඳකැන් තරු යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා ....////

ගායනය - මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - කලණි පෙරේරා
1987 දී කළ ගීයකි.
“Selected hits of Menik Jayasekara” සංයුක්ත තැටියට ඇතුළත් විය.

ඉහට වහල නිල් අහසයි

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

කරට පිරූ ගෝනි බරෙන් දවස ගෙවෙන්නේ
කුසට නැතී හිතට ඇතී
සුවය සදන්නේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

සිරුර දැවූ කඳුළු සැළූ දිනය නිමාවේ
සිනාසිසී බලා සිටී
මොහොත උදාවේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ගායනය - මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන
1987 දී කළ ගීයකි.

Tuesday, March 19, 2019

අකීකරු හිමියනේ

අකීකරු හිමියනේ
මවක් සේ රකිමි ඔබ
අකීකරු හිමියනේ

මධු මතින් රත රැඳුණු නෙත් යුගල මට දෙන්න
සෙනෙහසේ සිහිල් නිල් දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ

බමන සිත සතපන්න හද යහන සදන්නට
ප්‍රේමයේ නාමයෙන් මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ

මධු විතින් නොනිමි දුක් කුණාටුව මට දෙන්න
යළිදු හෙට උදෑසන මලක් සේ පිබිදෙන්න

අකීකරු හිමියනේ
මවක් සේ රකිමි ඔබ
අකීකරු හිමියනේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන

Thursday, December 29, 2016

කවුරුත් එන්නැති

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුළින් ඉපැදුණු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන

Monday, March 30, 2015

ඉරි තැලුණු වලා

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා//

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

රිය පෙලේ කිරුළ හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා //

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

ඉරි තැලුනු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ

යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - තිස්සසිරි පෙරේරා


Iri Thelunu Wala - Amarasiri Peiris

මලක් උනේ ඇයි නුඹ මට


මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජිවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින් කියන්න

මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින් කියන්න

මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - කළණි පෙරේරා


Malak Une Eiy Numba Mata - Amarasiri Peiris

Friday, December 6, 2013

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ....////

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු ...//
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ...//

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ ...//
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා.
1981  දී "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නව රිද්ම  ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් නැවත 2001 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.