Showing posts with label නිමල් මෙන්ඩිස්. Show all posts
Showing posts with label නිමල් මෙන්ඩිස්. Show all posts

Sunday, May 31, 2020

දහසක් සිත් විමසා


දහසක් සිත් විමසා
දුටුවේ මිනිසුන් අතරේ
තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

දවසක් හෝ කවුරුන්
ඇතිදෝ හිනැහී සතුටින්
පෑව හසරැල් වසා
සුසුමයි රැඳුණේ රහසින්

කඳුළින් හිනැහෙමින් රැවටී සැනෙකින්
සැනසෙමුදෝ කෙලෙසින්
සැනසෙමුදෝ කෙලෙසින්

අන් විපතේ දුක හඳුනා
කවුරුන් ළතැවේදෝ
අනෙකෙකු ලබනා ඉසුරින්
කවරෙකු තුටු වීදෝ
සැනසී ඇත්තේ කවුදෝ
ඒ මිනිසා කොහිදෝ
ඒ මිනිසා කොහිදෝ

දහසක් සිත් විමසා
දුටුවේ මිනිසුන් අතරේ
තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සොමී සේකරාම
තනුව - නිමල් මෙන්ඩිස්


මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයට ඇතුළත් විය.

වන මැද තනිවූ රජ දහනේ

වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි නිසලව ගිරි මුදුනේ

කෝ අද ඒ කිංකිණි රාවේ
නටබුන් නිසසල සීගිරියේ ....//

මැකී ගියා
සැඟවී ගියා
කාලයෙ වැලි තලයේ
කලා වැවේ
දිය රැලි අතරින්
දාසෙන් රජු යළි නැඟේ

දෑතම පාමින් වැව් දියඹේ
ඔහු සතු සම්පත පෙන්වන්නේ
ඔබ ලද ජය කොහිදෝ රජුනේ
වන මැද තනිවූ ගිරි මුදුනේ

ඔබ සැනසුම කොහිදෝ රැඳුණේ
ළඳුනගෙ මුදු බඳ සුව යහනේ ....//

සැලෙයි ගොයම්
රන් කරල් බරින්
අනුරාපුරවරයේ

කලා වැවේ
දිය රැලි අතරින්
දාසෙන් රජු ගුණ ගැයේ

වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි නිසලව ගිරි මුදුනේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සොමී සේකරාම
තනුව - නිමල් මෙන්ඩිස්



මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයට ඇතුළත් විය.

Thursday, August 1, 2019

මාස්ටර් සර්



පණම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ

මට මතක් වෙනව සුද්දා තැළූ පෙළූ හැටී
අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ නේ
නිම වෙන්නට කල් ගතවෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ
එදා දවස උදා වෙවිදෝ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - කරුණාරත්න අබේසේකර
තනුව - නිමල් මෙන්ඩිස්
1975 දී තිරගතවූ කළු දිය දහර චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීය ම නෙවිල් ප්‍රනාන්දු විසින් ගයන අවස්ථාවක් ද 
චිත්‍රපටියේ ඇතුළත්ය.

මේ ගීය චිත්‍රපටි නිෂ්පාදනයට ටික කලකට ඉහතදී නිමල් මෙණ්ඩිස් විසින් ලියන ලද ගීයකි. නිමල් මෙණ්ඩිස් එය රචනා කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. සිංහල ගීය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්ය.

ඒ සියලු ගී මෙසේ පෙළ ගසමි.

1. නීලා වික්‍රමසිංහ ගයන ගීය (චිත්‍රපටියේ මුල් ගීය නොවේ)



2. නෙවිල් ප්‍රනාන්දු චිත්‍රපටියේ ගැයූ ගීය

3. නිමල් මෙණ්ඩිස් විසින් ඉංග්‍රීසි බසින් ලියා ගැයූ ගීය

ඉංග්‍රීසි ගීේ පද

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

The ten Cents more you have promised to pay me
Will buy my child an extra bowl of rice
But Master Sir I have my Dignity
Master Sir treat me kind and nice

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Once again a servant came and told me
That's soon one day my life will reach it's fine
But Master Sir I have my Dignity
I ask you now to hang me no more lies

There's a long long way for us to go
Before this tug of war and never end
When that day will be I don't know
Master Sir when can I call you friend

Master Sir when can I call you friend


මේ ගීයේ අතීත කතාව මෙසේයි.

නිමල් මෙණ්ඩිස් ටික කාලයක් එංගලන්තයේ හිටියෙ. ඔහු අත මිට හොයා ගත්තෙ සමාජ ශාලාවක පියානෝ වාදනය කරල. රෑ අන්තිම බස් එකේ නවාතැනට යන්න පුරුදු වෙලා සිටි ඔහුට එක් දිනක් බස් එක මඟහැරුණා.
පයින්ම නවාතැනට එන අතරතුර ඔහුට සිදුවුණා අනපේක්ෂිත සිදුවීකට මුහුණ දෙන්න. එංගලන්තයේ එවකට වර්ණ භේද වාදය තදින් තිබුණා. නිමල් ගෙ කළු හමයි ඔහුට එදා අවාසනාව ගෙනාවෙ. ඔහු කල්ලියක පහර දීම් වලට ලක්වුණා. මේ සිදුවීම ඔහු තුළ දැඩි කම්පනයක් ඇති කළා. ඔහු එංගලන්තය දාලා ආයෙම ලංකාවට ආවා.
ඒ ඇවිත් නෝටන්බ්‍රිජ් ආශ්‍රිතව වත්තක් මිලට ගෙන ඒ වත්ත කරගෙන හිටියා. වත්තෙ කම්කරුවන්ගෙ ජීවිත ඔහුගෙ හැඟීම් සලිත කළා. අර පෙරදා එංගලන්තයේ ඔහු අත්දුටු වර්ණ භේදවාදය තුළ පීඩිත ජනයා වින්ද කම්කටොලු ඔහුගෙ මතකයේ නිතර හොල්මන් කළා.
මේ සියල්ලෙහි ඵලයක් ලෙස තමයි ඔහු වෙතින් ප්‍රස්තුථ ගීය ලියැවෙන්නෙ.

පස්සෙ කාලෙක මණික් සන්දරසාගර "කළු දිය දහර" චිත්‍රපටියට නිමල් සංගීත අධ්‍යක්ෂක ලෙස තෝරා ගන්නවා. ඔහු ලියා ගයා තිබූ "මාස්ටර් සර්" ගීය කරුණාරත්න අබේසේකරයන් ලවා සිංහලෙන් රචනා කරගෙන "පණම් අටෙන්" යන ගීය සිනමා කෘතියට ඇතුළත් කර ගන්නවා.

Tuesday, July 30, 2019

රන් ටිකිරි සිනා


ලෙටීෂියා බොතේජු මහත්මියගේ "ගඟ අද්දර" නවකතාව ඇසුරින් නවසිය හැත්තෑ ගKන් වල අග භාගයේ නිෂ්පාදනය වූ එම නමින්ම වූ චිත්‍රපටිය ජනාදරය අතිශයින්ම දිනා ගන්නට සමත් වුණා. තිස්ස අබේසේකර විසින් තිර රචනය කරන්නට යෙදුනත් මේ නිර්මානය කාන්තාවන් තිදෙනෙකුගේ එකතුවේ අග්‍ර ඵලයක්. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදනය මිලිනා සුගතපාල මහත්මියගේ.

එහි එන රන් ටිකිරි සිනා මුල් ගීයයි මේ...


රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා


රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා


දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉණිමං නැඟලා
ලස්සණ හොයලා
ගමනක් යනවද සුදු මල්ලී


රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා


රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා


බාලේ ගෙවලා
කාලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟකර සිටලා
ගං තෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
...//

ගායනය - නිරාශා පෙරේරා සමග වික්ටර් සිල්වා ඇතුලු ළමා පිරිස

පද - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීත අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස්
මේ ළමා පිරිසට අයත් වූයේ එවකට ොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සිසුවියන්ය.


මෙම ගීය පසු කලෙක කිහිප දෙනෙක්ම ගායනා කළා. ඒවා අතරින් නීලා වික්‍රමසිංහ මහත්මියගේ හා ටී.එම්. ජයරත්න මහතාගේ ගායනා රසික සිත් වලට වඩාත් සමීප වුණා.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගායනය


ටී.එම්. ජයරත්න මහතාගේ ගායනය

Sunday, July 28, 2019

මේ අවන්හලේ



මේ අවන්හලේ
සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමී

ගී ගයා වයාලා
සිනා සලාලා
රඟන්නෙමී

මා ඔබ වගේම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමී
ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ
නොලන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී
සිනා සෙමී

මේ අවන්හලේ
සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමී

ගී ගයා වයාලා
සිනා සලාලා
රඟන්නෙමී

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී
සිනා සෙමී

මා ලවන් දැලේ
බිඟුන් මුලාවී රැඳෙන්නෙපා

මා රැඟුම් ලතාවේ
නුවන් මුලාවී බැඳෙන්නෙපා ...//

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - කරුණාරත්න අබේසේකර
තනුව - නිමල් මෙන්ඩිස්

චිත්‍රය ේබියන් පාරෙස් ේ නිර්මාණයකි. (Art Painting by Fabian Perez)

Thursday, April 9, 2015

උපුල් නුවන් විදහා


උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි
නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීතය - නිමල් මෙන්ඩිස්

"අහසින් පොළවට" චිත්‍රපටියෙනි.
 Anyone who has the link can play this song in your "Smart Phone"

Thursday, April 2, 2015

ගැහැණු ළමයිනේ

ගැහැණු ළමයිනේ
කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද
සිතා බලන්නේ
ගැහැණු ළමයිනේ
අවට අලංකාරයි නේ
සිහිනෙන් දුටුදේ විසිරී යයි

ගැහැණු ළමයි මව් අත්හැරදා
ගමෙන් පිටත්වී යන්න සිතා
බබලන විසිතුරු නගරේ සිතේ ඇඳී
සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතුවී
නිවස සොයා
නැවතත් අඬ අඬ එයි
අඬ අඬ එයි

ගැහැණු ළමයිනේ
කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද
හිතා බලන්නේ
ගැහැණු ළමයිනේ
අවට අලංකාරයි නේ
සිහිනෙන් දුටුදේ විසිරී යයි

(මේ ගුණපාල, ඔය වට්ටි අම්මගෙ දුවනෙ. කුසුම්ගෙ නංගි. යනෝ ... ඕක මෙන්න මෙහාට දෙ‍නෝ. කෙල්ලන්ට ලෙඩ දාන්නැතුව. ඔයා ඕවා ගණන් ගන්නෙපා. අපි යං. හ්ම්)

ගැහැණු ළමයිනේ ///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කරුණාසේන ජයලත්
තනුව - නිමල් මෙන්ඩිස්
ගැහැණු ළමයි (1978 ) සිනමා කෘතියෙන්
චිත්‍රපටයෙන්ම උකහා ගත් ගීයක් බැවින් හඬ තත්වයේ දුර්වලතා තිබේ.

Tuesday, March 24, 2015

When did I meet you, my love

When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow

Only in time eternal I’ll know
This love is it real is it true
Was it yesterday today or tomorrow
That we met my love me and you

When did I miss you my love
Was it yesterday today or tomorrow
I’ll say au revoir my love
For yesterday today and tomorrow

When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow


ගායනය - ඩෙස්මන්ඩ් ද සිල්වා / නිමල් මෙන්ඩිස්
පද රචනය - නිමල් මෙන්ඩිස්
තනුව -  නිමල් මෙන්ඩිස්

සිංහල සිනමාවේ 391 වැනි චිත්‍රපටියයි 'සීතා දේවි'.
1978 දී තිරගත වූ මේ චිත්‍රපටියේ එක් විශේෂිත ගීයක් තියෙනවා.
එම ගීය නිර්මාණය වූයේ චිත්‍රපටියට නොවෙයි. එය නිමල් මෙන්ඩිස් තම ප්‍රියම්බිකාව වූ රංජනී මෙන්ඩිස් වෙනුවෙන්ම ලියූවක්. "When did I meet you, my love" ගීයේ තනුව නිමල් මෙන්ඩිස් ම නිර්මාණය කර ඔහු විසින්ම ගැයූ ගීයක්. 

'සීතා දේවි' චිත්‍රපටියට මේ ගීය ගැයුවේ ඩෙස්මන්ඩ් ද සිල්වා. එම තනුවට සිංහලෙන් ගීය ගැයුවේ පණ්ඩිත් අමරදේවයන්. සිහල ගීය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම්. 'සීතා දේවි චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් ගෙ. නිම් හිම් සෙව්වා ගීය ට පිවිසුම


ටීවී දෙරණ ඉදිරිපත් කළ "Singhagiri Studio ( 30-06-2017)" වැඩසටහනට ඩෙස්මන්ඩ් ද සිල්වා මේ ගීය ගැයූ අයුරු


2013 වසරේ නිෂ්පාදිත 'සසර වසන තුරු' සංගීත ප්‍රසංගයෙන් උපුටා ගත් කොටසක් මෙිහි ලා ඉදිරිපත් කරන්න කැමතියි. (ජාතික රෑපවානියට ස්තුතිය)
සමන් අතාවුදහෙට්ටි පූරක ලෙස කටයුතු කළ මෙහි, නිමල් මෙන්ඩිස් ද සහභාගි වූ අමරදේවයන් ගේ මේ ගැයුමට සවන් දෙන්න.


Thursday, March 12, 2015

දවසක් දා රෑ


දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - ගාමිණී විජේතුංග
තනුව - Phil Spector, Ellie Greenwich and Jeff Barry (1963)
සංගීතය - නිමල් මෙන්ඩිස්


ගීයේ මුල් තනුව නිර්මාණය වූයේ පිල් ස්පෙක්ටර්, එලී ග්‍රීන්විච් සහ ජෙෆ් බැරී එක්ව නිමැවූ "Then He Kissed Me" නම් ගීය සඳහායි. එය තැටියකට ගායනා කළේ "The Crystals" කණ්ඩායම 1963 දී.

පසුව 1965 දී "The Beach Boys" මෙහි නම වෙනස් කර "Then I Kissed her" ලෙස ගායනා කළා. පෙර ගීයේ පද වල වෙනස් වූයේ "ඔහු", "ඇය" ලෙස පරිවර්තනය පමණයි.

මෙන්න මුල් ගීය - "The Crystals" 1963 දී.




Well, he walked up to me and he asked me if I wanted to dance
He looked kinda nice and so I said I might take a chance
When he danced he held me tight
And when he walked me home that night
All the stars were shining bright
And then he kissed me

Each time I saw him I couldn't wait to see him again
I wanted to let him know that he was more than a friend
I didn't know just what to do
So I whispered "I love you"
And he said that he loved me too
And then he kissed me

He kissed me in a way that I've never been kissed before
He kissed me in a way that I wanna be kissed forever more

I knew that he was mine so I gave him all the love that I had
And one day he took me home to meet his mom and his dad
Then he asked me to be his bride
And always be right by his side
I felt so happy I almost cried
And then he kissed me

Then he asked me to be his bride
And always be right by his side
I felt so happy I almost cried
And then he kissed me
And then he kissed me
And then he kissed me



පසුව 1965 දී "The Beach Boys" මෙහි නම වෙනස් කර "Then I Kissed her" ලෙස ගායනා කළා. පෙර ගීයේ පද වල වෙනස් වූයේ "ඔහු", "ඇය" ලෙස පරිවර්තනය පමණයි.

මෙන්න එම ගීය - "Then I Kissed her" ("The Beach Boys") 1965






මේ ගීයේ (Then He Kissed Me) තනුවට ලොව බොහෝ ප්‍රදේශ වල අනුකාරක ගී රැසක් බිහිවුණා. ඉතින් ඒ අතර නීලා වික්‍රමසිංහ මහත්මිය ගැයූ "දවසක් දා රෑ" ගීය සමග දෙතුන් සියයක් ගී අන්තර්ජාලයේ පීරුවොත් සොයා ගත හැකියි. ඒවා අතරින් මා තෝරා ගත් කීපයක් ඔබේ ආශ්වාදයට ඉදිරිපත් කරන්නම්.

Crveni Koralji - Dok je drugi ljubi - (1964)



Richard Anthony - Et Je m'en vais (1963)



Cover by Api Machan



Then He Kissed Me (Moombahton Mix)



මේ "Goodfellas" චිත්‍රපටියේ අවන්හලක දර්ශන පසුබිමේ ඇසෙන ගීයත් බලමින් අසන්න.



Then He Kissed Me (Moombahton Mix)  (Singer - Gauri Amit B)




මේ තවත් වැඩියෙන් රසිකයින් අතරට ගිය ගායනයක්.
(Nazia Hassan)

Wednesday, March 4, 2015

නිම් හිම් සෙව්වා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුණා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සුයුරේ සසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - නිමල් මෙන්ඩිස්

මෙම ගීය "සීතා දේවී" (1978) සිනමා සිත්තමට නිර්මානය වූවකි.


"නිම් හිම් සෙව්වා" ලෙස ගැයෙතත් එය "නිම් ඉම් සෙව්වා" වුවොත් වඩා නිවරදියැයි හැඟේ. ගී තනුව නිර්මාණය වූයේ නිමල් මෙන්ඩිස් ගැයූ "When did I meet you, my love" නම් (චිත්‍රපටිය නිෂ්පාදනයට කලකට ඉහත ගායනා කළ) ගීයටයි.