Wednesday, March 4, 2015

නිම් හිම් සෙව්වා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුණා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සුයුරේ සසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - නිමල් මෙන්ඩිස්

මෙම ගීය "සීතා දේවී" (1978) සිනමා සිත්තමට නිර්මානය වූවකි.


"නිම් හිම් සෙව්වා" ලෙස ගැයෙතත් එය "නිම් ඉම් සෙව්වා" වුවොත් වඩා නිවරදියැයි හැඟේ. ගී තනුව නිර්මාණය වූයේ නිමල් මෙන්ඩිස් ගැයූ "When did I meet you, my love" නම් (චිත්‍රපටිය නිෂ්පාදනයට කලකට ඉහත ගායනා කළ) ගීයටයි. 


No comments: