Showing posts with label සරත් සන්දනායක. Show all posts
Showing posts with label සරත් සන්දනායක. Show all posts

Thursday, April 2, 2015

අපි කොයි කවුරුත්

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ එච්.ආර්. ජෝතිපාල සමග අබේවර්ධන බාලසූරිය
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - සරත් දසනායක
අමල් බිසෝ (1979) සිනමා කෘතියෙන්

Friday, March 27, 2015

ඉරට අකීකරු



ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුළැලි ගඟ ළඟ ඉකිබිඳ නාඬන් //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නලියන කඳුළු සළන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - සරත් දසනායක

දිණුම් කණුව චිත්‍රපටියෙන් (1974)

Friday, March 20, 2015

මඳ සීත නල රැල්ල

මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී ...//
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ ...//
ලොව මිහිර නරඹන්න මධු මිහිරි රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා

මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ගායනය - රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - මානෙල් පෙරේරා
සංගීතය - ආර්. මුත්තුසාමි
වහල් දූපත චිත්‍රපටියේ එන ගීයකි.
මෙහි මුල් ගායනය සරත් සන්දනායක සහ දයා හේමන්තා අබේසේකර ගෙනි.
.
මුල් ගීයත් අහන්න..