Showing posts with label අබේවර්ධන බාලසූරිය. Show all posts
Showing posts with label අබේවර්ධන බාලසූරිය. Show all posts

Sunday, January 25, 2026

බොඳ මීදුම් කඳුරැල්ලේ



බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා

මටත් වාසනාවන්


හිතක තැවුල් සංසිඳිලා

මිටියාවත මල් ඉසිලා

මල් වරුසා සුවඳ සමය

මටත් වාසනා

මටත් වාසනාවන්


රෑසියන්නෙ නොනිමි නාද

සැවුල් කොවුල් විහඟ ගීත

අපට ඇරුණු හුදකලාව

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා

මටත් වාසනාවන්


බොඳ මීදුම් කඳුරැල්ලේ..

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


මාල හතක් පළඳන්නට

හීන හතක් එළිවන්නට

දොළොස් මහේ පහන් එළිය

මටත් වාසනා

මටත් වාසනාවන්


අනාගතය කිරුළු දරා

දෙපා මුලට වඩින තුරා

ලවන් පොඟන මියුරු තෙපුල්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


මටත් වාසනා 

හෙටත් වාසනාවන්..////


ගායනය - සුජාතා අත්තනායක සමග අබේවර්ධන බාලසූරිය

තනුව - සරත් දසනායක

පද - අජන්තා රණසිංහ

චිත්‍රපටිය - දුහුල් මලක් (1976)




ගීයේ සිනමා දර්ශන
රූප රාමු වල පෙනී සිටියේ නීටා ප්‍රනාන්දු සමග රවීන්ද්‍ර රන්දෙණිය



Sunday, May 3, 2015

ගංගා එන්නකෝ ගංගා


ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර ..//
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව ...//
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

ගායනය - අබේවර්ධන බාලසූරිය
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක

මේ ගීය ගැන "නෑ නේද?.. ඉතින් යළි අහක බලන් යන්නේ...." මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.

Sunday, March 22, 2015

සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
(සූරියකාන්තා)
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

 

පිණි මල් ගඟුලෙන් මුව දෝවන්නේ
මිහි මත රන් සළු පිළි පළඳන්නේ
සූරිය මල් කිම තවම තැවෙන්නේ
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ


නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූ

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

 

අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමඟ බලා සිටින්නේ


නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූ
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා
...//

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ සමග අබේවර්ධන බාලසූරිය
පද රචනය - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Tuesday, March 17, 2015

යුග යුග ගානේ

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ
යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා

ආදර තරඟ නැඟේ
මේ පෙම් විලෙහි ජලේ
මා සිත ඔකඳ වුනේ ආදරයටයි ඔබේ

ඔබ හැම භවයේ සෙවනැල්ලක් සේ
මා සමගම ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා ලද ළබැඳි සෙනේ මා සිත පුබුදු කලේ
මා ඔබ නිරන්තරේ ආදර ලොවක රැඳේ
රුදු මරු කතරේ දිය බිඳුවක් වී
මා ඔබ වෙත ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා

ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා
මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - හේමසිරි හල්පිට
තනුව සහ සංගීතය - සරත් ද අල්විස්

ඔබෙ අත දෙන්නැයි

ඔබෙ අත දෙන්නැයි මා ඉල්ලූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

එදා කියූ දේ නැත අමතකව ගියේ
පෙර භවයෙහි කළ පැතුමක් මෙනි අප
පෙම් ලොව ජනිත වුණේ
බිරිඳක මෙන් ඔබ මවක ලෙසින් ඔබ
මා හද සිසිල ගෙනේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

එදා මෙදා තුර නැත මා සසල වුණේ
පෙර භවයෙදි පිරු පැතුම් බෙලෙන් මා
ඔබගේ බිරිඳ වුණේ
සැමියකු මෙන් ඔබ පියෙකු ලෙසින් ඔබ
මා හද සිසිල ගෙනේ

ඔබෙ අත දෙන්නැයි මා ඉල්ලූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Monday, March 16, 2015

සඳයි තරුවයි

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

ලොවම එකවර දකින්නට ඔහු
යොමු කළේ ඇයගේ නෙතයි
ලොවට රහසින් හඬන්නට ඈ
හුරු කළේ ඔහුගේ සිතයි

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

නදී ඇල දොළ හඬා වැලපී
ගෙන ගියේ ඔබෙ ස්නේහයයි
සයුරු රළ පෙළ හැපී වෙරළේ
සොයන්නේ ඒ ප්‍රේමයයි

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

නිසංසලේ මා තනියෙන්

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසල සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - කුසුම් පීරිස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

මළවුන්ගේ නගරයේ

මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

සජිවි සක්වල තලයේ
වරම් නොමැත හමුවෙන්නට ...//

එක වහළක් යට ඉඳගෙන
එක අහරක් වළඳන්නට ...//

ඔබයි හමුවුණා
මමයි හමුවුණා

මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

සීමා ප්‍රාකාර වලින්
ඉඩක් නොමැත ගැලවෙන්නට ...//

ජීවත්වන ලෝකයකදි
අවසර නැත ළං වන්නට ...//

ඔබයි හමුවුණා
මමයි හමුවුණා

මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

මමයි හමුවුණා
ඔබයි හමුවුණා

මමයි හමුවුණා
ඔබයි හමුවුණා

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - සරත් බාලසූරිය

ඉසුරු දෙවිඳු


ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි ...//

කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි

කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

ගායනය - අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි
පද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව හා සංගීතය – ආචාර්ය වික්ටර් රත්නායක

1979 දී තිරගතවූ සරුංගලේ චිත්‍රපටියෙන් 

ඉතින් සොඳුර

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

දරු පැටවුන් නැති පාළුව මකා හරින්නට
හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට

එහෙම ම නැහැ හිමි සඳුනේ හයියයි නම් හිත
අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

උනන කඳුළ නෙතු මානෙන් රූටන හැම විට
මට හිතෙනව ජීවිතයත් එහෙම වැටේවි ද

එහෙම ම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර
වැටුණු කඳුළු වල නම් බැහැ අරුත් හොයන්නට

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - මහින්ද බණ්ඩාර

ඈත වන්නියේ

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා

සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා

සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා

රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නො පිපී පරවීයන්

කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා

සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා

හීන් හඳට තරුවක් වත් නැති වේ නම්
රෑ පුරාම ඇයි ඇහැරී සැඟවීයන්

පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඬා නිදි හීනෙට ඉඩ දීපන්

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා

සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා

සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - සමන්ත පෙරේරා

Sunday, March 15, 2015

කවුද ආවේ

කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

මිනිස් හඬක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාළු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉඳලා

කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

සදා නො දැල්වූ මිණි පහනක් විය
ගනඳුර මැද රඳනා
සදා අවුළුවමි එවන් පහන් සිල
රන්වන්  රූ මවනා

කවුද ආවේ කවුද ආවේ //
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

කන්දෙන් එහා

කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කඳු රෑනේ හැන්දෑවේ
සිත පාළුයි පාළුයි නේ
පවනැල්ලේ මා එනවා
සුබ සැන්දෑවක් වාගේ
සිරි සිරි හඬින්
සිරි පොද වැටී
සිතිවිලි මගේ
සීතලයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

ළපටි තේ දළු
සීත දැනිලා
තුරුළු වෙනව පෙනේ
සැලෙන දෙතොලට
සුවඳ උණුසුම්
බිඳක් ඕනි ද ප්‍රියේ
දෑත පොරවා මා දැන්
මඟ බලා ඉන්නම්

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

රෑන විහඟුන්
කූඩු වෙනවා
උන්නෙ උණුසුම සොයා
රතු වලාකුළු
සේද මීදුම්
කන්ද මුදුනට ගියා
ඉන්න තව මොහොතක්, මා
නිමේ‍ෂෙන් එනවා

කන්දෙන් එහා
නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

කඳු රෑනේ සැන්දෑවේ
සිත පාළුයි පාළුයි නේ
පවනැල්ලේ මා එනවා
සුබ සැන්දෑවක් වාගේ
සිරි සිරි හඬින් සිරි පොද වැටී
සිතිවිලි මගේ
සීතලයි
මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

ම්ම්….   ම්ම්..ම්ම්..ම්ම්  ම්ම්..ම්ම්..ම්ම්  ම්ම්..ම්ම්
ආ අහාහා අහාහා

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහින්ද බණ්ඩාර

බඹරෙකු හැඬුවා

බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා

ඇහේ කඳුළු ඇති ඒ බඹරිඳු දැක
හඬන්නෙ ඇයිදෝ මල ඇසුවා
මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුළ
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා

බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස