ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නො පිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්
ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
හීන් හඳට තරුවක් වත් නැති වේ නම්
රෑ පුරාම ඇයි ඇහැරී සැඟවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඬා නිදි හීනෙට ඉඩ දීපන්
ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - සමන්ත පෙරේරා
No comments:
Post a Comment