අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි
සඳේ රිදී කැන් වැසී හදේ පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි
සුදෝ සුදෝ සුදු සඳෙත් කැළැල් නොවැ
සඳවතියේ ඒ ඇයි
සඳේ පහන් විද විඳත් ලපේ ගැන කතාකරන්නේ ඇයි
පෙම්බරයෝ
ලොවේ මහා ගුණ නදී දියෙන්
දන කසළ දකින්නේ ඇයි
ගඟේ දියෙන් යට මැණික් නඟා ගතහොතින් තැතෙන් වැඩවෙයි
පෙම්බරයෝ
අපේ දෙනෙත් ඔවුනොවුන් වතේ
මේ තරම් ඇලෙන්නේ ඇයි
වහා දෙදෙන එක් අතක් බලමු රන් පියුමේ හිරු නැඟ එයි
පෙම්බරයෝ
අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි
සඳේ රිදී කැන් වැදී හදේ
පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි
ගායනය - අචාර්ය නික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - අචාර්ය නික්ටර් රත්නායක
(මෙම ගීය අචාර්ය නික්ටර් රත්නායක මුලින් ගායන කර ඇත්තේ අනෝමා රාසපුත්ර සමගයි)
No comments:
Post a Comment