Showing posts with label වී. වර්ධරාජා. Show all posts
Showing posts with label වී. වර්ධරාජා. Show all posts

Monday, December 24, 2018

රඟපාන ඔබ කවුද



රඟපාන ඔබ කවුද සුකුමාලියේ //
බඳ නළවාලා ලෙළවාලා කුල්මත් කළේ
කුල්මත් කළේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ

පෙම් ලෝකේ අභිසේකෙ ලැබුවාද රහසේ //
ඔබ නේද දේවි නැටුම් කලාවේ //
අනුරාගෙ නිළියේ කදිමයිනෙ මුහුණේ //

රඟපාන ඔබ කවුද සුකුමාලියේ
බඳ නළවාලා ලෙළවාලා කුල්මත් කළේ
කුල්මත් කළේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ

මිණිමේල පටසේල දිලිසේවි ලෙළදේ //
සිරියාව හින්දා ලියලාවි ආලේ //
රඟදෙන්න නිළියේ සනසන්න ලෝකේ //

රඟපාන ඔබ කවුද සුකුමාලියේ //
බඳ නළවාලා ලෙළවාලා කුල්මත් කළේ
කුල්මත් කළේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ


ගායනය - වී. වර්ධරාජා
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පි.එල්.ඒ. සෝමපාල


මෙම ගීයේ තනුව ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය.

සටහන -
ඇලෝයි බොහොම ලස්සණ ගී රැසක් අපට දායාද කොට ඇත. මේ ගීයේ මිහිරියාව,  ගීතය ගයන ද්‍රවිඪ ජාතික වී. වර්ධරාජාගේ සිංහල උච්චාරණයේ ස්වභාවය නිසා යම් තරමකට හීන වී යයි. “සුකුමාලියේ” යන පදය “සුකුමාරියේ” ලෙස උච්චාරණයෙන් ගීයේ කියැවෙන නිළිය ගේ විලාසයට සෝමාරි බවක් ආරෝපණය වූවා සේය.