Showing posts with label "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීත. Show all posts
Showing posts with label "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීත. Show all posts

Friday, October 2, 2026

"පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීත




කාන්තාවක විසින් නිෂ්පාදනය කොට මෙරට තිරගතවූ ප්‍රථම චිත්‍රපටිය "පුරුෂ රත්නය" නම් වේ.

එය 60 වැනි සිංහල චිත්‍රපටිය ලෙස සැලකේ.

මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය ආර්. මුත්තුසාමි මාස්ටර් ගෙනි.


නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ පලකිරීමෙහි ඇති නිසා මා ඔබට කියන්නේ චිත්‍රපටියට ඇතුළත් වූ ගීත ගැනයි.


1. මිනිසාට මේ ලෝකේ


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු


2. සිංහල ජාතිය ලොව බැබලේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සහ පිරිස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු




3. රුහුණු දේස සෝබමාන මාලිගේ


ගායනය - ක්ලැරිස් ද සිල්වා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




4. ප්‍රේමාලෝකය නිවී


ගායනය - රිචඩ් ඇල්බට් සහ එඩී යාපා

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

සංගීතය - ආර්. මුත්තුසාමි


"ප්‍රේමාලෝකය නිවී ගියා" යන ගීය 1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියට ඇතුළත්වූ ගීයකි.

"පුරුෂ රත්නය" චිත්‍රපටියේ දී එම ගීය අනුකරණය කරමින් විකට ගීයක් ලෙස යොදා ගෙන ඇත.

මුල් ගීයේ නාමය මත කිලික් කිරීමෙන් "සුජාතා" චිත්‍රපටියේ ගීයට යොමු විය හැක.




5. අයියාට මේ රජ⁣ ගේ


ගායනය - මාස්ටර් මොරින් සමග බේබි ඩොරින්

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු



6. ජීවිතේ ගංගාවකී


ගායනය - ලතා වල්පොල

පද - කරුණාරත්න අබේසේකර

තනුව - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු



7. පිපී දිලේ ලතා මලේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග එඩී යාපා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු



"ගී අරණ ගී මී" යූ  ටියුබ් නාලිකාවේ ද මේ ගීය මෙලෙසින් ස්ථාපිතයි.



8. කීකරු වී වගේ මගේ ගෝලයා


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු



9. ගජ මුතු හර පරදා සිනා සේ


ගායනය - ක්ලැරිස් ද සිල්වා සමග මාක් ඇන්ටනී

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීයේ සිනමා රූප රාමු



10. පොතට පතට ඇලිල ගැලිල


ගායනය - එඩී යාපා, ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

සංගීතය - ආර්. මුත්තුසාමි




ගීය "ගී අරණ ගී මී" අඩවියේ මෙලෙසින් ස්ථාපිතයි..



"පුරුෂ රත්නය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.


මෙම යොමුවේ යම් ගැටලුවක් වේ නම් දන්වන්න.