Wednesday, September 30, 2026

රුහුණු දේස සෝබමාන

සෙත් කොට කුළුණු ගුණ පාමින් මවෙකු මෙන

ගැත්තන් දුක් බරින් මුදවා පිහිට වෙන

මෙත් බර කතරගම සුරිඳුනි මෙදුක ගැන

නෙත් දොළසින් එකක් දිගු කොට බලනු මැන


රුහුණු දේස සෝබමාන මාලිගේ

අභිමාන රම්‍ය ස්වර්ණ මයුර වාහනේ

රාජ තේජ පාන දේව රාජනේ

දීර වීර සූර කන්ද ස්වාමිනේ


දෝත නඟා පාද මූලෙ සදා පුදා වඳින්නෙමී


රුහුණු දේස සෝබමාන මාලිගේ

අභිමාන රම්‍ය ස්වර්ණ මයුර වාහනේ


කාන්ති පාන ශාන්ති දාන වල්ලි ස්වාමි දෙව් රදා

කන්දස්වාමි භක්ති ප්‍රේම ශක්තිය දේ මගෙ සදා

පූජනීය තේජනීය දේවනේ

මෙත පානු මාගෙ සෝ ගිනී නිවා අනේ

ඔප්පු තබා බාරහාර සදා පුදා වඳින්නෙමී


රුහුණු දේස සෝබමාන මාලිගේ

අභිමාන රම්‍ය ස්වර්ණ මයුර වාහනේ


ගායනය - ක්ලැරිස් ද සිල්වා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.


No comments: