Showing posts with label දිල්රුක්ෂි ජයකොඩි. Show all posts
Showing posts with label දිල්රුක්ෂි ජයකොඩි. Show all posts

Monday, April 6, 2015

ඔබ එදා නම් සඳ වගේමැයි

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම් ...//
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්

ඔබ එදා නම් සඳ වගේමැයි

පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ ...//
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි

ඔබ එදා නම් සඳ වගේමැයි

ගායනය - අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා