Showing posts with label ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. Show all posts
Showing posts with label ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. Show all posts

Tuesday, November 3, 2020

දල්වව් බැති ආදර පෙම්

දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල් ...//
ජය පතුරා ශ්‍රී ලංකා දීපේ
ඔද වඩවාලා හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

ගංගා පිරී ගලා යේ 
මඳනලේ හමා යේ ලියවැල් පීරා 
කෙත්වතු හා හඹා යේ
පිපෙනා තුරු ගානේ කුසුම් කලාපේ
නෑවයෙි රෑ සඳපානේ
කඳු වටේම පේනා දියඇලි සෝබා
ජීවය දේ හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

සුරූපි ලාලනියන්ගේ 
බැල්මේ සිරියා
ලෝකේ සෑම ආසිරි සදා වැඩේවී
සිතු සේ සම්පත් දේ සැමදා
වීර නිකේතන භූමී
අභීත ජය බිම අපගේ මේ 
ජය ගොස පැතිරේ ලෝ තුල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්

සදා සුවේ සැනසේවී
සෝබාව රැඳේවී ජාතික ආලේ 
දරුවන්ගේ මව් භූමී
දින දින සැරදේවා කිත් පතුරාලා
සුන් නොමවූ සිරියේනී
යහපතම සැදේ එක්වීම සදාලා
මේ ලෝකේ හැම කල්
දල්වව් බැති ආදර පෙම්
ජාතිය පොබයා ලෝ තුල්
ජාතිය පොබයා ලෝ තුල්

ගායනය - රුක්මණී දේවි
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - ශන්කර් ජායිකිෂන්

1954 දී තිරගතවූ "පූජා" හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ "Chal Chal Re Musafir" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Chal chal re musaafir chal
Too iss duniya se chal
Jaha dil kaa ik ishaara
Ho aur duniya jaaye badal
Chal chal re musaafir

Masti bhari hawaaye jis gali
Mein jaaye phul khilaaye
Yeh madhosh nigaahe jisape
Atak jaaye apna banaaye
Jaha pyaar kaa
rasta koyi naa roke
Koyi naa kahe sambhal
Chal chal re musaafir

Rup ki pyaasi aankhe dil
Mein armaan sau tufaan
Aakhir kabhi toh hogi
Tumse pahchaan o anjaan
Kabhi toh rimjhim barasenge
Yeh rang bare baadal
Chal chal re musaafir

Pyaar ki reet nirali jo mausam
Jaaye jaa ke naa aaye
Dam bhar ki ujiyaali jab din
Dhal jaaye dil ghabaraaye
Jahan ujade naa singaar
Kisi kaa phaile naa kaajal
Chal chal re musaafir.

चल चल रे मुसाफिर चल
तू इस दुनिया से चल
जहां दिल का इक इशारा
हो और दुनिया जाए बदल
चल चल रे मुसाफिर

मस्ती भरी हवाएं जिस गली
में जाए फूल खिलाये
यह मदहोश निगाहें जिसपे
अटक जाए अपना बनाये
जहाँ प्यार का
रास्ता कोई ना रोके
कोई ना कहे संभल
चल चल रे मुसाफिर

रूप की प्यासी आँखे दिल
में अरमान सौ तूफ़ान
आखिर कभी तोह होगी
तुमसे पहचान ो अनजान
कभी तोह रिमझिम बरसेंगे
यह रंग बारे बादल
चल चल रे मुसाफिर

प्यार की रीत निराली जो मौसम
जाए जा के ना आये
दम भर की उजियाली जब दिन
ढल जाए दिल घबराये
जहाँ उजड़े ना सिंगार
किसी का फाइले ना काजल
चल चल रे मुसाफिर.

Song - Chal Chal Re Musafir
Singer - Mohammed Rafi
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Pooja (1954)

Saturday, January 12, 2019

මොනවද අම්මේ අකුරු ජාතියක්


මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ

බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල්  කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ

ගායනය - කිංස්ලි ජයසේකර සමග ප්‍රිසිලා ඕපාත
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - අඥාතයි

අකුරට යනවයි කියලා


අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්

ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්

සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්

මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
කවන ගමන් මමත් කවන තරමක් කන්නම්

හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්

ගායනය - එස්. කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - අඥාතයි

Monday, July 4, 2016

මංගල දිනයේ

මංගල දිනයේ රස මධු පානේ
ඉවකළ කොමලිය කුලගෙට එනවා
කුලගෙට එනවා //
කුලගෙට එනවා ///

ඇගේ සිනහවේ හඬට අතු පුරා
රිකිලි සැලේ මුළු ගම්මානේ
කුසුම් වැසි වසී ගම්මානේ

මිහිර ලබා පෙම් රහස් කිය කියා
හඬ ද නැගේ දිය වැල් ගීයේ //

සීතල වතුරේ කුමුදාකාරයේ
ඇයගේ දිගු නෙත් පිළිබිඹු වෙනවා
පිළිබිඹු වෙනවා //
පිළිබිඹු වෙනවා ///

තුරුළු වුණාවේ වලාකුළු ඇදී
ඈත පෙනෙන මහ කඳු යායේ //

සිහින් තරඟ ජල තලා මත නැඟී
ඇගේ සෙනේ රසයට යාවේ //

මංගල දිනයේ රස මධු පානේ
ඉවකළ කොමලිය කුලගෙට එනවා
කුලගෙට එනවා //
කුලගෙට එනවා ////

ගායනය - ධර්මදාස වල්පොල මග ලතා වල්පොල
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
සීතල වතුර චිත්‍රපටියෙන්
චිත්‍රපටියට මේ ගීය ගැයුවේ ලතා සමග ධර්මදාස වල්පොල යි.

අමිත් සමග ලතා පසු කලෙක ගැයූ ගීය


මුල් ගීය

Tuesday, April 28, 2015

සුවදෙන සිත සැනසුම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

සුරංගනාවන් ගෙනා සිහින වැල්

සුරංගනාවන් ගෙනා සිහින වැල්
දිවෙයි දිවෙයි වන හිසේ වැදී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

රහස් කතාවක් ඇසෙයි ඇසෙයි දැන්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි

ඈත සුළං රැළි වලින් මිදී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

සිහින් වලා සළු වලින් වැසී //
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී

කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී

හොරෙන් බලයි අප දිහා විටින් විට

හොරෙන් බලයි අප දිහා විටින් විට
රස සාගරයේ.. (යේ......)
රස සාගරයේ කිඳී කිඳී
අම මිහිරකි ලොව රස පෙම්

සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්

ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග රුක්මණී දේවි
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

1965 දී තිරගතවූ "ලා දළු" චිත්‍රපටියට නිර්මානය විය.



ස්වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනකට සුදත් සමරසිංහ, අභිශේකා විමලධර්ම සමග මේ ගී ගැයුවා මෙසේ.....

Friday, April 3, 2015

වැලිතල අතරේ

වැලිතල අතරේ හෙමිහිට බසිනා //
නේරංජන නදියේ ගයා හිස
වැඩසිට බුදු වූ දා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා //

හිම කඳු වැටියේ සීතල සෙවනේ //
චන්දන තුරු පීරා //
ඇදී එන මල් මුවරද රසිනේ
සමග මුසු කෝමල මල් පවනේ
ගැටීලා පාවෙනා //

සත්සර නගලා ටික ටික සෙලවී //
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිළී
නටා ගිය තාලෙහි රස නැගුනා
සරාගී ජීවනා //

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා //
සිරිලක ගෙන ආ දා //
සිටම තම මහමෙවුනා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සුමීරී නාදෙනා //

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව


Photo - Entrance to the Bo Tree Enclosure as in 1896 from The ruined cities of Ceylon by Henry W. Cave.
Welithala Athare - Pandith W.D. Amaradewa

Wednesday, March 4, 2015

ඉර හඳ පායන ලෝකේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

උකුලේ ලමැදේ සමබර උසුලන//
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැලවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැඩලන වේගේ//
ජීවන මග කැලඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ//
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සිකුරු තරුව චිත්‍රපටියෙන්

ජගන් මෝහිණී


ජගන් මෝහිණී
මධුර භාෂිණී
චාරු දේහිණී
කමල වාසිනී
සරස්‌වතී දේවී වන්දේ
සරස්‌වතී දේවී

කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා  ...//
පාද සරෝජේ කඨී තටාකේ //
චංචල නර්තන ලීලා //

මීන මකර පංකජ රූපාකුල
අංකික කුංකුම රේඛා ...//
පූර්ණ කුම්භමිව පීන පයෝධර //
පූරිතාමෘත ධාරා //

භාග්‍ය සාධන පුණ්‍ය මුර්ති ධර
සුරකුල වර අභිරූපා ...//
දේහි දේහි වර දායක හස්‌තේ //
ශුභ මංගල මුද්‍රා //

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පාරමිතා බල


නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස 
(නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස)
නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස
(නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස)

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ


ආ. ආ ආ ආ ආ..

පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ


සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ


පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ


සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි  ...//

සණරාමර ගුරු ලෝක ශිවංඛර
බුද්ධ දිවාකරයාණෝ


සණරාමර ගුරු ලෝක ශිවංඛර
බුද්ධ දිවාකරයාණෝ

 
මාර පරාජය කළ මුනිඳුන්ගේ

මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා

ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ


බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ


පාරමිතා බල පූරිත පූජිත
‍බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නන්දා මාලිනී ඇතළු පිරිස (
පිරිස පිරිමි, පිරිස කාන්තා, පිරිස එක්ව)
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව



චිත්‍රය ආනන්ද දාස් ශිල්පියාගේ නිර්මාණයකි.
Paramitha Bala - Pandith Amaradewa & Nanda Malini

ප්‍රේම තටාකේ

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ ..//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ

මග‍ෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ ...//
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
ප්‍රේම තටාකේ

හිමියනි ඔබගේ පුළුලුර තලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
මගෙ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ

අනාගතේ මෙහි
පෙම් රස විඳිනා
හදවත් වලටයි
රසය දැනෙන්නේ ...//
ඒකයි මැණිකේ
මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග රශ්මි සංගීතා
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

මෙම ගීයේ මුල් ගැයුම පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග වජිරා බාලසූරියගේය.

Saturday, December 7, 2013

ඉර හඳ පායන ලෝකේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

උකුළේ ළමැදේ සමබර උසුලන //
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැඩලන වේගේ //
ජීවන මග කැළඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ //
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සිකුරු තරුව චිත්‍රපටියෙන්