Showing posts with label ප්‍රේමලාල් දන්වත්ත. Show all posts
Showing posts with label ප්‍රේමලාල් දන්වත්ත. Show all posts

Tuesday, October 8, 2024

සෙන්කඩගල නගරේ



සෙන්කඩගල නගරේ
සඳ රේඛා වැතිරේ
සිසිලස නුවර වැවේ සුවදේ
සීතල රළ රැලි විසිරේ


සෙන්කඩගල නගරේ
සඳ රේඛා වැතිරේ
සිසිලස නුවර වැවේ සුවදේ
සීතල රළ රැලි විසිරේ


රන් මුතු මාලා 
ගෙල පලඳාලා
චන්දන තිලක තියා ...//
මුදු බඳ සල සල 
නෙතඟින් බල බල 
සුමිහිරි ගීත ගයා හිනැහී 

කොයි යනවද මැණිකෙ ඔයා


සෙන්කඩගල නගරේ

සඳ රේඛා වැතිරේ

සිසිලස නුවර වැවේ සුවදේ

සීතල රළ රැලි විසිරේ


පිය ගැට නගිමු 

දළදා වඳිමූ

මා සමගින් මැණිකේ ...//

සඳ ඇති රෑකදි

පුන් පෝ දාක දි

ඇවිදිමු වැව රවුමේ මැණිකේ

සිරි නරඹමු නුවර වැවේ


සෙන්කඩගල නගරේ

සඳ රේඛා වැතිරේ

සිසිලස නුවර වැවේ සුවදේ

සීතල රළ රැලි විසිරේ ....//


ගායනය - අයිරින් ද අල්විස් සමග එම්.ජේ. ප්‍රනාන්දු

පද - හේමශ්‍රී ද අල්විස්

සංගීත අදියුරු - ප්‍රේමලාල් දන්වත්ත


Monday, February 11, 2019

මල් යහනාවකි ලෝකේ


මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

ඊයේ ගතවිය
හෙට පැමිණී නැන
අද පමණයි ඇත්තේ ///

සඳ බැස යාවිද
හිරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ ///

සිතේ සතුට නැත සදහට පවතින්නේ
ලැබුණ තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

මල් මදිරාවේ
පෙම් සිලිලාරේ
රස විඳ ඔකඳ වෙමූ ///

පබාවතී දැක
එරන්දතී දැක
හිනැහෙමු උදම් වෙමූ ///

පියාසලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග නවතිනවා

මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ප්‍රේමලාල් දන්වත්ත
1972 තිරගත වූ "සිංගප්පූරු චාලි" චිත්‍රපටියේ ගීයකි.