Showing posts with label සමන් ද සිල්වා. Show all posts
Showing posts with label සමන් ද සිල්වා. Show all posts

Tuesday, March 19, 2019

දවසේ පහන් නිවා

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

රත්තී බැඳපු තැනින් ලිහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගම නෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ තනිය මකා ගන්නෙ කෙසේ
ඉපදී මියෙන තුරා ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා නුහුරු හැඟුම් සිතට නො ඒ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

තනිවී නොයනු නඟේ ඉන්න මෙමා එනුද නඟේ
නැතිදෝ සිතට නුඹේ දැණුනෙ තවත් මිහිර පෙමේ
කුඹුරේ කමතෙ ගමේ නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා එන්න එපා පිං සිදුවේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

ගායනය - සමන් ද සිල්වා සහ මාලිනී බුලත්සිංහල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Sunday, January 15, 2017

අහසෙ ඉන්නවලු

අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

මෝල්ගහේ දළු එනතුරු කළු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙන තුරු

මෝල්ගහේ දළු එනතුරු කළු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙන තුරු

පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොළක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින

හේනක් කුඹුරක්වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

අහසෙ ඉන්නවලු
ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු
නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ගින්නෙ නටනවලු
බෙර පදට නටනවලු
නටල වඳිනවලු
තව පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

ගායනය - ලයනල් රන්වල, සමන් ද සිල්වා සහ රන්වල බලකාය
පද රචනය - ලයනල් රන්වල
සංගීතය - ලයනල් රන්වල

Wednesday, December 4, 2013

මේ දෑස කාගෙදෝ

මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

එකම වීදියේ
එකට පිය තබා
යම්දෝ කෙසේ
සඳට වී මුවා
අහසෙ තරු නිවා
ඉම්දෝ කෙසේ
මේ පාළු මිහිතලේ (හා හා හා)
අත්වැල් දරා
සැංගී කෙසේ යාදෝ
කාටත් හොරා

මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

තනිව මේ රැයේ
රැඳෙන මේ පැයේ
සංකා මැවේ
බැඳුණු බැමි කඩා
ලොවට ඔබෙ කුඩා
එම්දෝ කෙසේ
රෑනින් මිදී ඇදී (හා හා හා)
ඉවසුම් නැතී
සීමා බිඳී යාවී
මායිම් මැකී

මේ දෑස කාගෙදෝ
මේ මොහොතෙ කොයිබදෝ
සැන්දෑ ඉරේ යා වූ මූණේ ඔබේ
මේ දෑස මිහිරියේ
රෑ ඉන්නෙ කොයිබදෝ
නේවාසිකාගාරේ
පාඩම් පොතේ

ගායනය: ඉන්ද්‍රානි පෙරේරා සමග එච්.ආර්. ජෝතිපාල
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්



මේ ගීය පසු කලෙක සමන් ද සිල්වා සමගත් ඉන්ද්‍රාණි පෙරේරා විසින් ගායනා කර තිබෙනවා.

මෙන්න ඒ ගීය