Showing posts with label ඩබ්. ජයසිරි. Show all posts
Showing posts with label ඩබ්. ජයසිරි. Show all posts

Tuesday, May 5, 2015

නිදි කුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිලෙයි පිණි බේරෙයි ....//
මගේ දුකට නුඹ නාඬන්
නිදිකුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි ...//
මගේ දුකට නුඹ නාඬන්
නිදි කුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ඩබ්. ජයසිරි
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි