Showing posts with label මහින්ද කේ. ප්‍රේමසිරි. Show all posts
Showing posts with label මහින්ද කේ. ප්‍රේමසිරි. Show all posts

Saturday, May 25, 2019

සුදු වලාකුළක්

සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

නිල් තරු අතරේ
මැසිවිලි නැඟුණේ
දුටු ලපලු ලතා
මේ පුලින තලා ...//

මුදු සහන පතා
ළැම සුවය ලබා
විශ්මය කිමදැයි
මේ සහස්‍රයේ

සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

හිම වැටෙන බිමේ
දෙකොපුලට නැමී
රතු දෙතොල තෙමී
උණුමට වෙලී ...//

රස සුවඳ බොමී
සිසිලසට හිමී
මියැසිය කවුදැයි
මේ සහස්‍රයේ

සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

ගායනය - කීර්ති පැස්කුවල්
පද - මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව හා සංගීතය - කීර්ති පැස්කුවල්

Saturday, June 6, 2015

මුදු කෙහෙරැල්ල දිගයි

මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි ..//
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

පිණිබර වැස්ස යටින්
හිත හිරි වැටෙනවා ඉතින්
මල් මල් නෙරිය ඉනට තියාලා //
උණුසුම් කඳුළු වලින්
නිසඳැස් ගොත ගොතා හොඳින්
මතකය අළුත් වෙන්න ආවා

මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි ..//
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

සීතල මුහුණ ළඟින්
සඳ එබිකම් කරයි ඉතින්
රන්වන් ගෙලට පබළු බැඳලා //
හසරැල් සුසුම් වලින්
කවියක් කිය කියා හෙමින්
තනියම ඇවිත් යන්න ආවා

මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි ..//
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා ..//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව හා සංගීතය - මහින්ද බණ්ඩාර

Sunday, December 8, 2013

කොහේ කොතැනක

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක් ...//

පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉඟි බිඟි කරනා ...//
කුරුළු කිරි‍ලියේ මට නම්
මේක සිහිනයක්
සැබෑම සිහිනයක්

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක්

රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරණා ..//
මගේ කැදැල්ලට කොඳුරා
දේදෝ සහනයක්
සැබෑම සහනයක්

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක් ...//

ගායනය - සේනානායක වේරලියද්ද
පද - මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව - සේනානායක වේරලියද්ද

පුංචි දඟකාරියේ

පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයු
කිමද රණ තිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ
මනමාලියේ
දඟකාරියේ

බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩුවලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පෙම වහන් කළ සිතේ නෙතු වැළලිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයු
කිමද රණ තිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ
මනමාලියේ
දඟකාරියේ

ඔබට මං පණ වගේ ආදරේ

ගායනය - සේනානායක වේරලියද්ද
පද - මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව - සේනානායක වේරලියද්ද