Showing posts with label භද්‍රජී මහින්ද ජයතිලක. Show all posts
Showing posts with label භද්‍රජී මහින්ද ජයතිලක. Show all posts

Monday, December 10, 2018

අපි රාග වයනවා




අපි රාග වයනවා
අපි බයිලා නටනවා
හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා
මස් මාලුත් කනවා
බණත් අහනවා
හිතුනොත් බොරුත් කියනවා ...//

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ ...//

අපි සණ්ඩු කරනවා
සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම හිසත් නවනවා
අපි දුකත් විඳිනවා
සමහරු සැපත් විඳිනවා
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ ...//

අපි ප්‍රේම කරනවා
අතරේ වෛර කරනවා
අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා

කණුත් තියනවා
හිතුනම ලණුත් අදිනවා
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
එවන් මිනිස් හැඟුම් නිසා නේ

ඉරයි හඳයි පායන්නේ
අපේ ලෝකෙ පවතින්නේ
මෙවන් මිනිස් හැඟුම් නිසා නේ

ලලල් ලාල ලලල ලලා
ලලල් ලාල ලලල ලලා
ලලල් ලාල ලලල් ලාල ලා

ගායනය – ක්ලැරන්ස් විජේවර්ධන සහ භද්‍රජී මහින්ද ජයතිලක
පද රචනය - භද්‍රජී මහින්ද ජයතිලක
තනුව හා සංගීතය - රුක්ශාන් කරුණානායක