Showing posts with label ලීනස් මෙන්ඩිස්. Show all posts
Showing posts with label ලීනස් මෙන්ඩිස්. Show all posts

Thursday, May 28, 2015

ගලා එන්න ගඟුලක් සේ

ගලා එන්න ගඟුලක් සේ
ජීවිතයේ පවස නිවා

හමා එන්න පවනක් සේ
ආදරයේ සුවය මවා

උදාවෙන්න හිරු සඳු සේ
ආලෝකය මිහිර මවා
රැඳී ඉන්න සිරිකත සේ
සැප සම්පත සතුට සදා

හා හා හ ආ.....
ම්හ්ම් ම් ම් ම්ම්ම්...

බලාගන්න කුසුමක් සේ
කිසි විට මගෙ හද නොතලා ...//
සිනාසෙන්න නිරතුරු ඔබ
දුක සැප එක ලෙස උහුලා

ආ ආ ආ ආ .......

සදාදෙන්න සුර ලොව මගෙ
සහසක් පැතුමන් සපුරා ..//
සදා ඉන්න හද මැදුරේ
කුමරිය ලෙස කිරුළ දරා

ආ ආ ආ ආ .......

ගලා එන්න ගඟුලක් සේ
ජීවිතයේ පවස නිවා

හමා එන්න පවනක් සේ
ආදරයේ සුවය මවා

උදාවෙන්න හිරු සඳු සේ
ආලෝකය මිහිර මවා
රැඳී ඉන්න සිරිකත සේ
සැප සම්පත සතුට සදා

හා හා හ ආ.....
ම්හ්ම් ම් ම් ම්ම්ම්...  ..///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කීර්ති පැස්කුවල්
පද රචනය - ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා
තනුව හා සංගීතය - සරත් ද අල්විස්

චිත්‍රය සිසිලියා රොස්ලී ශිල්පිණියගේ නිර්මාණයකි.