Showing posts with label සුදත් ගාමිණී බණ්ඩාර. Show all posts
Showing posts with label සුදත් ගාමිණී බණ්ඩාර. Show all posts

Thursday, December 8, 2016

හන්තාන දෙසින් එන

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ   සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම් .....//

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා..//
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ   සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා..//
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතෙනා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං ‍රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ   සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

ගායනය - කරුණරත්න දිවුල්ගනේ
පද රචනය - සුදත් ගාමිණී බණ්ඩාර
තනුව - ගුණදාස කපුගේ