Showing posts with label ඇලන්සන් පියදාස. Show all posts
Showing posts with label ඇලන්සන් පියදාස. Show all posts

Wednesday, July 24, 2019

දවස ගෙවී

දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා //
හිරු දෙවියෝ සිඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා //
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා //
ආදර පෙන්නා සිඹ සනසන්නා //

ගෑණු කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා //
එළදෙන පැටියකු ළංකර ඌ ලෙවකන්නා
තරුණ ලියක් කවුළුවකින් එබිලා බලන්නා //
ඇගේ ඇඟේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනැහෙන්නා හිරු නොපෙනෙන්නා //
ඒ අසලින්නා තරුණෙක් යන්නා

පෙම් යුවලක් හඳපානේ මුකුළු කරන්නා //
ඒ අසලම තිබෙන ගසක වැලක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා //
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැළෙන්නා
පන්සල් එන්නේ නැද්ද අසන්නේ //
ඒ විලසින්නේ සීනු වැදෙන්නේ //

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ඇලන්සන් පියදාස
තනුව - සී.ටී. ප්‍රනාන්දු


පැරණි ගීය
 

නව ගීය

බිළිඳා නැළවේ උකුළේ

මේ ලෝකයේ .... සෑමා රසේ ...
මූණේ ඔබේ ... බිළිදු  පුතේ මගේ ...

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

දෝත නඟා මොළවා
සුර ළාලනියෝ එනවා
ගීත අසා මවගේ
නොදොඩා නොහඬා හිනැහේ
පාද ගසා නටනා
බිළිඳා මතු වේ මිනිසා
ලෝ දහමේ නගිනා බසිනා
දුක සැප අතරේ වසනා

සෑම දෙනා කැඳවා
හුදු ආදරයේ රඳවා
මූණ බලා සැමගේ
නොදොඩා නොහඬා හිනැහේ
ජීවිතයේ සිහිනේ
සැනසීම තිබේ මුහුණේ
රෑ නිදියා දෙදෙනා බඳිනා
නිවසේ පහණයි බිළිදා

බිළිඳා නැළවේ උකුළේ
හිනැහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ
රුහිරේ කිරිවේ ඉතිරේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ඇලන්සන් පියදාස
තනුව - සී.ටී. ප්‍රනාන්දු