Showing posts with label අමිල තේනුවර. Show all posts
Showing posts with label අමිල තේනුවර. Show all posts

Saturday, October 19, 2019

තනි තනිව හැඬූ (මධූ)

තනි තනිව හැඬූ උණු කඳුළු බිඳූ
බෑ එකට එකතු කරන්නට මධූ

හද දවාවි තනිකමේ ගිණිකඳූ
එක වතාවකටවත් තුරුලුවෙමූ //

නිදි වරණ මගේ දෑස රතු වුණූ
මධුවිතෙන් තවත් සොයන්නේ ඔසු

අතැඟිල්ලෙ දිළෙයි මගෙත් රන් මුතූ
ජීවිතේ ඒත් තනිකඩයි මධූ //

හදවතේ ඔයා සඟවගත් මුතූ
ඇස් දෙකින් මටම පෙන්නුවට පසූ

අප වටා බැඳුණු සීමා පවුරූ
මට පෙනුනෙ ම නෑ ඇත්තමයි මධූ //

තනි තනිව හැඬූ උණු කඳුළු බිඳූ
බෑ එකට එකතු කරන්නට මධූ

හද දවාවි තනිකමේ ගිණිකඳූ
එක වතාවකටවත් තුරුලුවෙමූ //

ගායනය - චන්ද්‍ර දිසානායක
පද - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක


Thani Thaniwa Hendu (Madhu) - Chandra Disanayaka

Monday, May 4, 2015

දඬු මොනරෙ පිටින්


දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී


දොළොස් මහේ පාන පත්තු වෙලා හදවතේ
ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ
ගිය ගමන් තැපැල් කරමී සඳ කිඳුරු ජාතකේ
නොහඬන්න දේවියේ
නොහඬන්න දේවියේ


දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී


නේරංජාවද මා මේ එතෙරව ආවේ
යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ
මම නාඩා ඉන්නේ

දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී


ගායනය - ගුණදාස කපුගේ සහ සමිතා මුදුන්කොටුව
පද රචනය - අමිල තේනුවර
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ


Dandumonare Pitin - Gunadasa Kapuge & Samitha Mudunkotuwa

Sunday, April 5, 2015

මිහිරියේ නුඹේ

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

ස්වේත මීදුමින් රෑම වෙළීලා
සීත මුවහත් මුවාව මුදෝලා

මාගේ පයේහි නූපුර හිනාව
පය ඉහළින් නද දුන් නිසා
හීතල නැසේවි
පාමුල වැටේවි
ආයෙත් ඉපදේවා කියා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා

සොඳුරු සොඳුරු අනතුරුම වෙනවනම්
අඳුර අඳුර මිහිරිදැයි මොනතරම්
මාගේ ළයේහි තාමත් දිසේවි
සඳරැස් හී සැර වැදීලා
මා නෙතු පියේවි නිදි නම් නොඒවි
හිත රෑ අහසේ විසි කළා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

ගායනය - අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරි
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක

කාත් කවුරුවත්

කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගේ හිතත්
රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැඟෙනා

සාංකාව ඇහැරෙන ඝණ අඳුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුළෙම උන්නේ

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ
තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ

කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගේ හිතත්
රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැඟෙනා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක

ඉකිගසා හඬන අතීතයක

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක
සමනළ සංධ්වනිය සිනමා කෘතියෙන්..

Saturday, April 4, 2015

අතින්වත් අත ඇල්ලුවේ නෑ

අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුණෙ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

කුලුඳුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොඳුරු දෑසට
නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
බිම බලාගෙන ගොළුවුනේ ඒකයි

නොයිඳුලේ හැඟුමන් තියාගෙන
කාලයෙන් වියපත් වෙලා අප
වෙන් වුනෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක

අමරණීයම රිදුම

අමරණීයම
රිදුම ජීවිතයේ
මා ඔබෙන් ලද
ආදරේ..ආදරේ
ආදරේ..ආදරේ

මතකයේ කටු තුඞ ඇනී ළය
පාරවයි හැඟුමන්
වේදනාවේ ගැහෙන හදවත
පෙන්වන්න හැකිනම්
පෙන්වන්න හැකිනම්

නොරිදෙනා ආදරේ ආයුෂ
නොරැඳේවි හැමකල්
කුමට දෝ ජීවිතය මට
මේ රිදුම නැති නම්
මේ රිදුම නැති නම්

අමරණීයම
රිදුම ජීවිතයේ
මා ඔබෙන් ලද
ආදරේ..ආදරේ
ආදරේ..ආදරේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
තනුව - දර්ශන රුවන් දිසානායක

Sunday, March 29, 2015

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා


ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිළෙනවා

නින්දෙන් ඇහැරී
කළු‍වරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේම නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - අමිල තේනුවර
සංගීතය - දර්ශන රුවන් දිසානායක

‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ තේමා ගීතය.


Mata Mage Nowana Magema Adarayak Thibuna - Amarasiri Peiris