Showing posts with label ගාමිණී පෙරේරා. Show all posts
Showing posts with label ගාමිණී පෙරේරා. Show all posts

Saturday, January 12, 2019

වේවැලක් කෝ‍ටුවක්

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා //

මව්පියන් නොසළකා නිතර දඟ කරමිනා
ගුරුවරුන් දෙන ඔවා බැහැර කර නටමිනා
නිකරුණේ කල් ගෙවා නටනවුන් සනසවා
නරක ගති දුර හැරා මෙත් සිතින් ආවඩා
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා //

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්
කූඹියන් කුරුල්ලන් මැරූවුන් අල්ලමින්
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා //

නුග ගසින් බසින්නේ කලුවරේ වඩින්නේ...
යෝධයෙක් ලෙසින්නේ දෑස් ගෙඩි රවන්නේ
වේවැලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ
අකීකරු ළමුන්ගේ නරක දුරු කරන්නේ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා //

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්
ආ ආ ආ 
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්
ආ ආ ආ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා //
ආයිබෝ වේවා ආයිබෝ
ආයිබෝ වේවා ආයිබෝ

ගායනය - ගාමිණී පෙරේරා 
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - සනත් නන්දසිරි