Showing posts with label ආනන්ද පද්මසිරි. Show all posts
Showing posts with label ආනන්ද පද්මසිරි. Show all posts

Sunday, August 11, 2019

ඉස්සර කාලේ වනන්තරේ



ඉස්සර කාලේ වනන්තරේ
හාවෙක් උන්නා මෝඩපහේ
කොච්චරවත් ඔය ගස් අස්සේ
නිදියන එකමයි කරපු වැඩේ ...//

දවසක්දා තල් ගහක් යටට වී හාව නිදා උන්නා
දඩස් ගාලා සද්දයක් ඇහිල ඌ අවදිවෙලා පැන්නා

ලෝකෙ පෙරළෙනව මෙන්න බොලේ මම දුවලා බේරෙන්නා
මෙහෙම හිතාගෙන පරාණ බයටම හාවා දුව යන්නා

අතරමගදි මුණගැසුණු හැමෝටම දුවන ගමන් හාවා
ලෝකෙ පෙරළෙනව බේරෙන්නට නම් දුවපල්ලා කීවා

මුවෝ ගෝන්නු ද කොටි ද වලස්සු ද ඉත්තෑවෝ ඇත්තූ
හාවත් එක්කම දුවන්න ගත්තා මෙකී නොකී සත්තූ

කැලේ රජා සිංහයට හදිස්සියෙ ඇහිලා මේ යුද්දේ
දුවන සතුන් රැල මැද්දට ඇවිදින් ඇහුවා ඇයි සද්දේ

අනේ රජතුමනි ලෝකෙ පෙරළෙනව ඒකයි අපි දිව්වේ
තල් ගහ පැත්තේ ඉඳලා ඇවිදින් හාවයි එය කිව්වේ

හාවත් එක්කම තල් ගහ පැත්තට සිංහය ඇවිදිල්ලා
හේතුව හෙව්වම තල් අත්තක් උඩ බෙලි ගෙඩියක් වැටිලා

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණම ලොව පෙරළෙයි කියලා
කලබල වීලයි හාවා දිව්වේ හැමෝම බය කරලා

පුංචි දේකටත් කලබල කරලා දඟලන අය ලෝකේ
මිනිසුන් අතරත් නිතරම හමුවෙයි මේ හාවා වාගේ ...///

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - ආනන්ද පද්මසිරි
තනුව - එච්.එම්. ජයවර්ධන

Sunday, May 26, 2019

බලන්නකෝ අහන්නකෝ

බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ 
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ ....//

සාගරේ සමාන වූ සෙනේහේ
මා හදේ පිරීතිරී තියේවී
ලෝතලේ උදාර වූ සෙනේහේ
ජීවිතේ සදා සුවෙන් සදාවී

ප්‍රේම මාවතේ සෝක වේදනා නොවේ
දෑත දෙන්න ආදරෙයි කියා

බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ

ආදරෙයි කියා කුසුම් පිපේවී
ඒ සොයා සෙනේ පිදුම් ලැබේවී
රූ බලා ඔබේ කුසුම් සැලේවී
මේ ඔයා මලක් ම දෝ අසාවී

ප්‍රේම මාවතේ ඈත යන්න පාවෙලා
දෑත ගන්න මා ඔබෙයි කියා

බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ ....//

හ්ම් ම් ම්ම් ම්ම් ම්.....
අහන්න ආසා ඒ ගීතේ
අහාහ හා හා හාහාහා....
අහන්න ආසා ඒ ගීතේ
හ්ම් ම් ම්ම් ම්ම් ම්.....

ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමග කීර්ති පැස්කුවල්
පද - ආනන්ද පද්මසිරි
තනුව - මහින්ද බණ්ඩාර



මධුරී දීපනාත් සමග කීර්ති පැස්කුවල්