Showing posts with label ඩෙරික් නිකල්සන්. Show all posts
Showing posts with label ඩෙරික් නිකල්සන්. Show all posts

Saturday, September 28, 2019

ඉර හඳ පල නැත

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී ...//

කුරුළු කෙවිල්ලන් දොඩමලු වෙනවා
ලස්සණ සවන් යොමා
උන් අප පෙම ගැන කතාකරනවා
මොකටද තව ප්‍රමා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

සරැලි නඟන්නේ සයුර වෙරළ සිප
සැනසෙන්නයි හැපිලා
සඳට අහසමය පොළවෙන් පල නැත
ඒ ලෙසමයි ඔබ මා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර සමග ඩෙරික් නිකල්සන් ද සිල්වා
පද - ප්‍රියනන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - ගංගා විමලවර්ධන


Ira Handa Pala Netha - Sandya Wijesundara & Derick Nicleson de Silva