Showing posts with label තිස්සසිරි පෙරේරා. Show all posts
Showing posts with label තිස්සසිරි පෙරේරා. Show all posts

Tuesday, July 23, 2019

ඈත හිනැහෙන තාරකාවී

ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන

කතා කරනා ඔබේ නෙත් මත
මගේ රූ සිතුවම් මවන්නම්


නෙතට ළංවී හිඳින මොහොතේ
සුසුම් ලා ඉන්නේ කුමකටදෝ

වෙන කවුරුවත් නැති මං තලාවක
ඇවිදගෙන යමු නිසංසල යාමේ


ළදළු මුව මත සීත පින්නේ
ළහිරු එළියෙන් මුවාවී ගෙන

මගේ උණුසුම් සුසුම් සෙවණක
මිලින කඳුළක් හිනහුනාවේ


පවන් සලනා සොඳුරු මඳනල
මා හදේ රැන්දූ සෙනෙහසේ

ඔබ වාසනාවන් සුන්දරාවිය
දිවි තලාවේ අරුත දුන්නාදෝ


ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන
කතා කරනා අපේ නෙත් මත
සොඳුරු සිතුවම් පෙමින් හමුවේ


ගායනය - යමුනා විනෝදනී සමග දයාරත්න පෙරේරා
පද - කුසුම් පීරිස්
තනුව - තිස්සසිරි පෙරේරා

Saturday, December 23, 2017

තාරුකා හඬයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි ....//

අහස ඉකිගසයි
සුසුමින් සයුරු රළ බි‍ඳෙයි
ආදරෙයි කියූ දෙතොළම
ගොළු වෙලා සැළෙයි
ගොළු වෙලා සැළෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

සඳත් මෝදු වෙයි
දෙනෙතේ කඳුළු පිනි රැඳෙයි
හෙටත් හිරු නැඟෙයි
ලෝකය සිහිනයක් නොවෙයි
සිහිනයක් නොවෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් ගුණ හේරත්
තනුව - තිස්සසිරි පෙරේරා

Tuesday, December 27, 2016

මේ රුදුරු වන අරණේ

මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ
අප අපටම කළ පව පලදී
කිසි දා දැක නැතිවුන් පරිදී
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

හිස්වුණු හිස් ඇති තැන් සොයමී
මට ඇති එක හිස වුව පුදමී ..//
මුල මැද අග නුවණැස හඳුනගමී
සිහ වෙස් කැණහිළු පිටුදකිමී

හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

කරුමය යැයි කියනා කියුමෙන්
උරුමය සැඟවෙයි යුග ගණනින් ..//
හඳුනාගත් දවසක අප කවුදැයි
අපටම දුක හිතෙනව නියතයි
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ

මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ
අප අපටම කළ පව පලදී
කිසි දා දැක නැතිවුන් පරිදී
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - තිස්සසිරි පෙරේරා

Thursday, December 8, 2016

කඳුළක් තලා

කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

සයුරෙන් එහා
නිල් අහසින් මෙහා
ක්ෂිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා

කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

තරුවක් පුරා
මම කවියක් ලියා
සඳුගේ රැයට ඉඩ තියා
හිඳිනා වෙලේ දුක කියා
අපෙ හිතටත් හොරා
අප අපගෙන් දුරස් වී ගියා

කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ලද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - තිස්සසිරි පෙරේරා

Friday, September 30, 2016

හිරි පොද ඉවසන

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

අහසෙ මාලිගා තනන්නෙපා
ඉහ මත දී කිරි මුට්ටිය බිමට පනී
ඉහ මත ඉර හඳ තියෙන තුරා
ඉහිරුණු කිරකට හඬමුද කුමට අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

වැල යන අතකට මැහි බැඳලා
එන කල දවසට ඉඩදී බලනු වටී
දෑස පෙනේ යන පාර තියේ
බැද්දට තැබු පය පස්සට ගනිමු අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ මැණික් ජයසේකර
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - තිස්සසිරි පෙරේරා

Thursday, September 29, 2016

පදාර්ථයට පණ කවා

පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා ...//

මගේ මෑණියනේ
දුකින් පිරි ලොවේ
මා නිබඳ දන්නා
නිවන ඔබමැ වේ ...//

පදාර්ථයට පණ කවා
කුසේ සඟවලා
කෙමෙන් පෙමෙන් මා අඹා
ලොවට බිහි කළා

මාතා යථා
නියං පුත්ථං කියා
මා ගයන ගාථා
ඔබට නිසිමැ වේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - මහාචාර්ය කාලෝ ෆොන්සේකා
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

Monday, September 26, 2016

සසරේ මහ සයුරේ

සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරණ දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු වුණේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිව් මංසල් වල විඩා නිවා
ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ

සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පී.බී. කවිරත්න
තනුව - තිස්සසිරි පෙරේරා

Sunday, September 25, 2016

සක්විති වාගේ

සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා
අවි ද බිම දමා
සෙනෙහසම සොයා
මං එනවා
විරසක දේවියේ මගේ
සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

රෑ සඳ එබිලා සිරි යහනේ
ඇසුවේ බිසව් ගැන තමා
හැර දා මා සිත බිඳිලා
සුකුමාර දේවි කිරුළ දා ගියා

සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

ගෙයි ගිණි ජාලා පිට නොදෙමූ
සොඳුරේ ඉතින් මින් මතු
ඉවසාලා අපි ඉඳිමු
කුල මාළිගාවෙ රාජධානියේ

සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා
අවි ද බිම දමා
සෙනෙහසම සොයා
මං එනවා
විරසක දේවියේ මගේ
සක්විති වාගේ සැරසීලා
සිතුවිලි සිව්රඟ සෙන් පිරිවරින් සදා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - තිස්සසිරි පෙරේරා

Saturday, June 6, 2015

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

ඉස්සර රජවරු ඔටුන්න සිහසුන ගැන නොබලා
සිංහල සිරි ලක වෙනුවෙන් දිවි දුන් හැටි නොහිතා
සිංහල ලේ ඇති හෙළයන් හිවලුන් සේ හැදිලා
ලූලන් නැහැ දැන් වලවල් වල කණයින් පිරිලා

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

සපුමල් කුමරුත් ගැමුණු රජුත් යළි එයි කියලා
අලසව නිදියන නින්දෙන් හනිකට අවදිවෙලා
මැරුණත් නැගිටින සිංහල ජාතිය ගැන හිතලා
නැගිටිනු සිහලුනි නැගිටින්නට කල් ඇවිදිල්ලා ////

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

Wednesday, May 13, 2015

බාල වයසින් මැරුණු ප්‍රේමය

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

අනන්තයෙ ඈත දුර
නිම්තෙර තාරකා එළියේ
ඔබේ වැළපුම් ඉකිබිඳුම් හඬ
රැවි දිදී පැතිරේ
පෙමින් පැරදුණු පෙමිවතුන්මය
පාර තොට දෙපසේ
පාර තොට දෙපසේ

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

දිනා කුළුඳුල් සෙනේ
සැනසුම් සුසුම් හෙළු අයගේ
සුසුමකින් යළි පණ ලබනු ඇති
ආදරය ඔබගේ
එවන් සැනසුම් සුසුම් කොතැනක
හමුවේද සසරේ
හමුවේද සසරේ

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිහ
තනුව - තිස්සසිරි පෙරේරා

අනේ හාන්දුන්නේ

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා //
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා //
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රෝහණ දන්දෙණිය
තනුව - තිස්සසිරි පෙරේරා

Sunday, May 10, 2015

දුර ඈත ඡීවිතේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..//

දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...//
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා ..//
පිදු ඒ ස්නේහයේ
සිත මා බීදී ගියේ

දුර ඈත ඡීවිතේ
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

දුර ඈත ඡීවිතේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - තිස්සසිරි පෙරේරා

Anyone who has the link can play this song in your "Smart Phone"

Thursday, May 7, 2015

නිසල කඳු මුදුන් පිබිදී

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...//

බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා

කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

සඳ කඩා වැටී වෙරළේ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..//

ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

Monday, April 6, 2015

මුර දේවතාවී

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

නෙතෙහි පතුළේ නුඹ නිසා
නෙත් පියන්නත් බැරිවී ගියා
මුවට දොරගුලු ලා මගේ
ආදරෙන් සිත දොඩමළු කළා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
මුර දේවතාවී

නුඹට දුන් මගෙ ජීවිතේ
අද කාට දෙන්නද හිත පුරා
කෙලෙස මා මගහැර ගියේ
ආදරේ මට විතරයි කියා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - තිස්සසිරි පෙරේරා

Anyone who has the link can play this song in your "Smart Phone"

Monday, March 30, 2015

ඉරි තැලුණු වලා

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා//

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

රිය පෙලේ කිරු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා //

ඉරි තැලුණු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ

ඉරි තැලුනු වලා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ

යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - තිස්සසිරි පෙරේරා


Iri Thelunu Wala - Amarasiri Peiris