Showing posts with label ලක්මාලි කාරියවසම්. Show all posts
Showing posts with label ලක්මාලි කාරියවසම්. Show all posts

Sunday, May 26, 2019

කඳුළ ඉතින් සමාවෙයන්

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න ...//

කළු වලාව නැඟෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම

කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට

බිළඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වලාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න ...//

මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න ....///.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - ලක්මාලි කාරියවසම්
තනුව හා සංගීතය - සුරේෂ් ද සිල්වා