Showing posts with label උදාර සමරවීර. Show all posts
Showing posts with label උදාර සමරවීර. Show all posts

Sunday, October 6, 2019

මට හිමි නැති


මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

හිතට හිත ඈත්වෙලා
ආදරේ හුදකලා වෙලා
ජීවිතේ ම මං කියනා
හීන අවතැන් කළා
දුටු හීන අවතැන් කළා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

ඔබ නැති හීනයේ පවා
මා තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා
මතක තවම තනි රැක්කා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

ගායනය - අතුල අධිකාරී
පද - සත්සර කසුන් පතිරණ

තනුව හා සංගීතය - උදාර සමරවීර




Mata Himi Nethi - Athula Adikari

Monday, October 3, 2016

ඉවසයිද මන්දා


අඅඅඅඅ ආ.... ආ.. අඅ ආ...අඅ ආ.. අඅඅ ආ...

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුළ්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්ඳා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුණා සත්තයි හෙමින්

ආ.... ආ.. අඅ ආ...අඅ ආ..

ගොළු වෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුණෙ නෑ කාගෙන් වත්
රැක ගන්න බැරි වුණේ සංසාර ආදරේ

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුණා සත්තයි හෙමින්

අඅඅඅඅ ආ.... ආ.. අඅ ආ...අඅ ආ.. අඅඅ ආ...

මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
ආයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැඟිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදියි මේ සංසාර ආදරේ

උන්නාට මා රහසේ තුරුළ්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

අඅඅඅඅ ආ.... ආ.. අඅ ආ..

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුළ්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්ඳා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැති වුණා සත්තයි හෙමින්

ගායනය – අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව
පද රචනය – ඩිලාන් ගමගේ

සංගීතය – උදාර සමරවීර

Iwasaida Manda - Athula Adikari & Samitha Mudunkotuwa

Monday, May 11, 2015

හිත රිදෙන තරම් මාගේ

හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්

ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා ...//

ඔබ දුටුව මේ දෙනෙතේ
කඳුළැල් වෙසෙන්නේ
හද සුසුම් තරඟෙටයි හඬන්නේ
අමතක කළා දෝ
අපි ගෙවු අතීතේ
ඒ සිනහා වෙන්වී ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා

මට මැවුව සෙවණැල්ලේ
වෙනකෙකු සිටින්නේ
මට ඉඩක් නැතිදෝ දැන් හදේ
මදිවී ගියාදෝ
මා පිදු සෙනේහේ
ආව ඉක්මනින් ඔබ ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා

හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්

ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා ...//

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - ඩිලාන් ගමගේ
තනුව - උදාර සමරවීර