Showing posts with label කාන්ති වික්‍රමස්ංහ. Show all posts
Showing posts with label කාන්ති වික්‍රමස්ංහ. Show all posts

Saturday, December 31, 2016

මල් තරුණ සමය

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...//

ඔබෙ අතමයි හෙට දවසේ මගෙ රට දියුණට ඇත්තේ
අඩ අඳුරේ ඔබ ගිලුණොත් මගෙ රට පරහට අත්වේ ...//
හැම තත්පරයක් පාසා දැය දියුණට සිත ගත පා //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...//

දැය දිණුවොත් අපි දිණුවා මුළු ලොව අප හට යට වේ
ලොව දිණුවොත් අප පැරදී මොකටද ඵල නැත සොයුරේ ...//
එනු මැන සොයුරනි අප හා නැගුමට ඔබ දිණු රට දෑ //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...////.

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ කාන්ති වික්‍රමස්ංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - නිමල් පෙරේරා