Showing posts with label මඩවල එස්. රත්නායක. Show all posts
Showing posts with label මඩවල එස්. රත්නායක. Show all posts

Friday, November 30, 2018

හඳ පායා සිනාසේවී




හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ඔබ ඊයේ හැන්දෑවේ
ගැයූ පැල් කවියේ රාවේ
තව මහදේ රැඳී
රස පෑරී නැඟේ
රස පෑරී නැඟේ සුහදේ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී
හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී

ඔබගේ මුහුණෙ සොබා මැවුණා
ඔබගේ මුහුණෙ සොබා මැවුණා
සේදී සේදී ගොස් පාළුව රජවූ
මා හද රසයෙන් පිරුණා

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

බාලේ සිටන් අපී රස ගී ගයලා
බාලේ සිටන් අපී රස ගී ගයලා

එක්ව විහිළු කළා නොවෙදෝ
එක්ව විහිළු කළා නොවෙදෝ
සිහිවේ සිතූ දේ ඵල බරවීලා
කුරහන් පැසුණා නොවේදෝ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන සහ දේවානන්ද වෛද්‍යස්කර
පද - මඩවල එස්. රත්නායක
තනුව - දේවානන්ද වෛද්‍යස්කර


(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ ය)
 

Monday, February 27, 2017

හීන හතක් මැද

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැදවිමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි

නීල නුවන් ගැ‍බ
සෝක වලාවෝ....//
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොරකා තෙරපී ඇඹරී
දෑස කඳුළු වැල් රූරා වැගිරේ
අකාලයේ වැසි දිය ඇද හැළිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා

වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝකෙ රන් මන්දිර කැඩුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීයකි.

1965 දී පැවැත් වූ සරසවිය දෙවන සම්මාන උළෙලේදී හොඳම ගීත රචක, හොඳම ගායිකා, හොඳම ගායකයා යන සරසවි සම්මාන මේ ගීතයට හිමිවිය. 

සිනමා කෘතියට අමරදේවයන් ගැයූ ගීය



සිනමා කෘතියට ලතා වල්පොල මහත්මිය ගැයූ ගීය



අමරදේවයන් පසු කලෙක කළ ගායනයක්



ලතා වල්පොල මහත්මිය පසු කලෙක කළ ගායනයක්

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ... ආ ආ ආ...

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන
සංගීතෙන් අප හමුවෙනවා ....//
සැන්දෑ යාමේ පෙම් රස කලතා //
සාගර ජල කඳ නැළවෙනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ... ආ ආ ආ...

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා ....//

මගේ අනාගත පැතුම් විමානෙට //
සෙනෙහස පොදි බැඳගෙන එනවා

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීයකි.

Tuesday, January 3, 2017

බින්දු බින්දු රන්

හුරු නැති මඟක ගොස් උගුලක වැටෙනු එපා ...
කළුවර ගලද්දී තනි මඟ ඇදනු එපා ..
සිරිකත සැදූ සිරි දෙනයන මකනු එපා ...
පිරිවර සොයා මා තනිකර යන්න එපා ...

බින්දු බින්දු රන්
(ගෝමර මාලා)
බන්දා ගෙල වට)
(ඔමරි ලතාවට) ...//

කන්දෙන් පාවී ලන්දට බසිනා
රන්වන් රන්වන්
මගෙ රන් කිකිළී
(රන්වන් රන්වන් රන් කිකිළී)
(රන්වන් රන්වන් රන් කිකිළී)

කුන්ද සමන් පෙති
(සුවඳ හළාලන)
(රන් හිරු රැස් කෙඳි)
(දෙරණ සිපින විට) ...//

මන්දැයි තවමත් ලන්දට නාවේ
රන්වන් රන්වන්
මගෙ රන් කිකිළී
(රන්වන් රන්වන් රන් කිකිළී)
(රන්වන් රන්වන් රන් කිකිළී)

බින්දු බින්දු රන්
(ගෝමර මාලා)
බන්දා ගෙල වට)
(ඔමරි ලතාවට) ...//

කන්දෙන් පාවී ලන්දට බසිනා
රන්වන් රන්වන්
මගෙ රන් කිකිළී
(රන්වන් රන්වන් රන් කිකිළී)
(රන්වන් රන්වන් රන් කිකිළී)

(රන්වන් රන්වන් රන් කිකිළී) ආ.. ආ.. ආආ ...
(රන්වන් රන්වන් රන් කිකිළී) ආ.. ආ.. ආආ ...
(රන්වන් රන්වන් රන් කිකිළී) ආආ.. ආආ ... ආආ ...
(රන්වන් රන්වන් රන් කිකිළී) ආආ.. ආආ ... ආආ ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

පැරණි ගායනයකි.

Wednesday, September 14, 2016

වෙර වීරිය

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
දෑතේ සවියෙනුයි පුතේ
ඒ මහ වැව් බැඳුනෙ පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
දෑ උරුමය ඇතිව සිතේ
මව් බිම දෙස බලන් පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිස සමග චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ පිරිස
පද - මඩවල එස්. රත්නායක

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

Friday, April 3, 2015

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන
සංගීතෙන් අප හමුවෙනවා ....//
සැන්දෑ යාමේ පෙම් රස කලතා //
සාගර ජල කඳ නැළවෙනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා ....//
මගේ අනාගත පැතුම් විමානෙට //
සෙනෙහස පොදි බැඳගෙන එනවා

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව

ගැටවරයෝ චිත්‍රපටියෙන්

Anyone who has the link can play this song in your "Smart Phone"