Showing posts with label තිලකසිරි ප්‍රනාන්දු. Show all posts
Showing posts with label තිලකසිරි ප්‍රනාන්දු. Show all posts

Wednesday, January 16, 2019

බුබුළු බුබුළු ජලේ නැගෙන


බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

මාලයකට අමුණාගෙන
ආසයි මට ගෙල බඳින්න ....//
බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන

අහසෙ දිලෙන රන් තරු කැට
දෙකක් ගෙනත් මා සුරතට ....//

ලොකු අක්කට තෝඩු වලට
දෙන්නෙමි කන පළඳින්නට ....//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

හඳ හාමිගෙ සුදු හාවා
සඳ කිරි වතුරෙන් නාවා ...//

මල් මල් කොට්ටයක හොවා
දොයිය කියා නළවනවා ...//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

මාලයකට අමුණාගෙන
ආසයි මට ගෙල බඳින්න ....//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන....////

ගායනය - නොයෙලින් ලියනගේ
පද රචනය - නෙල්සන් පනාගොඩ
තනුව - තිලකසිරි ප්‍රනාන්දු

Friday, December 28, 2018

මිණි මුතු පසට යට වෙනවා




ආ ...... ආආආ.... ආආආ.... ආ ...... ආ ......

මිණි මුතු පසට යට වෙනවා යට යනවා
විසකුරු නයා උඩ එනවා උඩ යනවා
සැප දුක මෙලෙස යට යනවා උඩ එනවා
මැණිකට යන අතට නයි පෙණ අසු වෙනවා

ගව ඇටසැකිලි මඩ කැට මත කුණුවෙනවා
මැස්සන් හඬන ගිණි අව්වේ උණු වෙනවා
ජීවන බරින් ඉපිලුණු දේ සුණු වෙනවා
ගලනා කඳුළු කම්මුල මත ලුණු වෙනවා

ඉරණම ඇඟිල්ලෙන් වැලි මත ලියන්නේ
සාගතයයි කියන නම එහි තියෙන්නේ
දුක දෙන්නට පමණයි කට අයන්නේ
මරණය නොවෙද ජීවිතයයි කියන්නේ

ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
ප්‍රකට ජන ගායනා නාද රටා ඇසුරින් සංගීත ඇදියුරු - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.

Friday, February 3, 2017

එන්න මදනලේ

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා
එන්න මදනලේ
එඑඒ... එන්න මදනලේ

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟේ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා
එන්න මදනලේ
ඒ ඒ... එන්න මදනලේ

සන්දේශයකින් යවන්න මෙ දුක උන් අතේ
අඅඅඅ ආ.. ආ... ආ...
සන්දේශයකින් යවන්න මෙ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
එන්න මදනලේ
ඒ ඒ... එන්න මදනලේ

තනුව හා ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - තිලකසිරි ප්‍රනාන්දු



මෙම ගීය රෝහණ සිරිවර්ධන ගැයූ අවස්ථාවක් පහතින් ඇත. එහි ඔහු 'කුරුල්ලන් නැතේ' කියන තැන 'කොබෙයියන් නැතේ' යනුවෙන් ගයයි.