Showing posts with label ඩෝල්ටන් අල්විස්. Show all posts
Showing posts with label ඩෝල්ටන් අල්විස්. Show all posts

Monday, September 7, 2020

උඩඟු ලියන් ගොතා බඳින

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

භොජුන් මේස මත
සුවඳ හළන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

යන මහ ජනතා පා දූවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ගායනය - විශාරද නන්දා මාලිනී සහ පිරිස
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව



ඉන්දීය ජාතික කවියෙකු වූ පණ්ඩිත් මාකන්ලාල් චතුර්වේදී විසින් රචිත, "පුෂ්ප් කී අභිලාශා" (Pushp Ki Abhilasha) යන කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විට එය පහත පරිද්දෙන් වේ.

It is not my desire to be weaved in the ornaments of a beautiful girl.
It is not my desire to be weaved into a Lover’s garland and tempt a beloved.
It is not my desire, O Hari, to adorn the funeral of a monarch.
It is not my desire to be presented as offering to a goddess and rejoice at my good luck.
O, Gardner, all I desire is
That you will pluck me and throw me on that path
On which our brave soldiers tread to sacrifice their lives for the motherland.

දැන් ඔබට පැහැදිලියි "උඩඟු ලියන් ගොතා බඳින" ගීය ප්‍රබන්ධයට ඩෝල්ටන් ආශ්‍රය කොට ගත්තේ මේ කාව්‍ය රචනය බව.

The beautiful poem 'Pushp ki Abhilaasha' is written by Maakhanlal Chaturvedi.. 
It is adopted from his Kavyasangrah 'Himtarangni'.. 
In this poem, he expressed the feelings of a flower who wants to lie down on the path of soldiers..

चाह नहीं मैं सुरबाला के
गहनों में गूँथा जाऊँ
चाह नहीं, प्रेमी-माला में
बिंध प्यारी को ललचाऊँ
चाह नहीं, सम्राटों के शव
पर हे हरि, डाला जाऊँ
चाह नहीं, देवों के सिर पर
चढ़ूँ भाग्य पर इठलाऊँ
मुझे तोड़ लेना वनमाली
उस पथ पर देना तुम फेंक
मातृभूमि पर शीश चढ़ाने
जिस पर जावें वीर अनेक ।।

In English letters

Chah Nahin Mai Surbala Ke 
Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein 
Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, 
He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par 
Chadhon, Bhagya Par Itraoon.
Mujhey Tod Lena Banmali, 
Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, 
Jis Path Jaayen Veer Anek.

Wednesday, August 21, 2019

චාමර පවන් සලා

ආ... අආ.... අආ....
ආ... ආ... ආ...
ආ...  අආ....

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා ...//
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ (ඒ...

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...
සරාගි නිම් රැල්ලේ
ඒ... සරාගි
ඒ සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
සීතල
සීතල සුවය දැනේ
හඳපානේ

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා ...//
චාමර පවන් සලා

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ඩෝල්ටන් අල්විස්
තනුව -
මහාචාර්ය අමරා රණතුංග

Tuesday, August 13, 2019

දර දිය ඇදලා



දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා ..//

මට බහ දීලා
සරසවි මේලා
රැඟුම් රඟා ඈ සමගින් ආවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා

අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම්
ඇයට නොවේවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා ..//

ගායනය - නාලිනී රණසිංහ
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - සරත් බාලසූරිය


Dara Diya Edala - Nalini Ranasinha

Monday, August 5, 2019

නාමල සේමයි පෙනුණේ



නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

දහසින් බැඳි මල් කොයින්ද
මට දේදුනු සළු කොයින්ද ...//
දෑත දෙපා වෙර වීරිය එමට තියෙනවා
එමට තියෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

වක්කලමින් ගලා බසින කලබල දිය රැල්ල වගේ //
වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා
වයස ගෙවෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

ගායනය - විජේරත්න වරකාගොඩ
පද - ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

Thursday, November 29, 2018

ගෝනගලට මාව දෙතෙයි



පුව තෙතෙයි තෙතෙයි
පුව තෙතෙයි ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගෙ වයසේ කළු කෙල්ලන් ගමේ නැතේයා
ඒගොල්ලන් දීග ගිහිං දීග කතේයා
සිරි සැප දීග කතේයා ...//

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා

ගෝනගලට මාව දෙතෙයි
ගෝනගලට මාව දෙතෙයියා ...//

මගේ දෑතෙ නටන කුල්ල තාල දෙතේයා
හිතේ රැඳුණු දහයිය පොතු ඉවත යතේයා
මගේ හිතෙත් මලක් පිපී සුවඳ දෙතේයා
සුවඳ දෙතේයා
කියාගන්න බැරි තරමට සතුටු සිතේයා
අද සතුටු සිතේයා ////.

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - බී. වික්ටර් පෙරේරා


(චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ ය)


Tuesday, November 27, 2018

ලොකු නැන්ද එනව




ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලොකු නැන්ද එනව
නැන්ද එනව
අන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ //

ලහි ලහියේ ඈ එන්නේ
අම්ම එක්ක අද මා ගැන දීග දොඩන්නයි ....//

දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට දොංත දොදොං
තරිකිට කුන්ද කුඳත්තා ....//

රබන් පදේ මට ඇහෙනව
ලොකු නැන්දා වඩින වෙලාවේ

ලොකු නැන්ද එනව
නැන්ද එනව
මෙන්න එනව අපේ දිහාවේ ...//
කොන්ද නමල කන්ද නැගල ලන්ද දිගේ
උන්දැ එනව අපේ දිහාවේ ////.

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - බී. වික්ටර් පෙරේරා

දහඩිය මුතුලැල්





දහඩිය මුතුලැල් උර පලඳින්නයි
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි
රට බබලන්නයි දැය බබලන්නයි
නිවහල් පැතුම් පතන්නේ//

පිටරට අතපා සිත කය සතපා//
වින්ද නිගා නැති වෙන්නයි////
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ//

අද බිම හෙළනා දහඩිය බින්දූ//
ගයාවි අපගේ නිවහල් සින්දූ//
රට බබලන්නයි දැය බබලන්නයි//
නිවහල් පැතුම් පතන්නේ////

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - ලයනල් අල්ගම



චිත්‍රය අන්තර්ජාලයෙනි.