Showing posts with label ධර්ම ශ්‍රී මුණසිංහ. Show all posts
Showing posts with label ධර්ම ශ්‍රී මුණසිංහ. Show all posts

Monday, March 16, 2015

කුලමල බැඳි යදමින්

කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ ...//

ගජමුතු දල සද්දන්ත කුලේයා
මොළකැටි මුතු මල දිළිඳු පැලේයා
අහසට පොළොවක් මැදිවෙලා නිසා

කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ

හමුවන තැන් අසිපත් දිදුලායා
මට ම ලැබේ දැයි හිත විමාසායා
මුතු නැති මුතු අසරණ වෙලා නිසා

කුලමල බැඳි යදමින් අත බැඳිලා
ගම වටකර අවමන් දැළ එළලා
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ධර්ම ශ්‍රී මුණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
(මේ ගීය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා වූවකැයි ඇතැම් තැනෙක (සංගත තැටි ලේබලයක) සඳහන් වේ. එය සාවද්‍යය.)