Showing posts with label අනිල් භාරතී. Show all posts
Showing posts with label අනිල් භාරතී. Show all posts

Wednesday, March 15, 2023

මල් මල් හැඟුමෙන් පැතුම් පිරී

මල් මල් හැඟුමෙන් පැතුම් පිරී
සඳෙහී රන්වන් කැළුම් දිදී
ආදරෙ ලැබ ලැබ සියල් සිරී
සැරදේ පතමී දිගා සිරී

සැපසේ සුවසේ වැඩෙන්නටයි
නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි
සැමගෙන් හොඳ නම ලබන්නටයි
සිහිනෙන්වත් දුක නොවන්නටයි

පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුුතුකම් ඉටු කර මෙ ලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ .....//

සොම්නස සම්පත තනන්නටයි
සුව සෙත ජය සිරි සැදෙන්නටයි
උපන්දිනේ සිත පිරෙන්නටයි
පැතුම් විමානය දිලෙන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සමග අනිල් භාරතී
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1975 දී තිරගතවූ "දමයන්ති" චිත්‍රපටියේ ගීයකි.
චිත්‍රපටියේ රංගනයෙන් දායක වුණේ ගීතා කුමාරසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, අශෝක පොන්නම්පෙරුම ආදීන්.

මේ ගීයේ තනුව බටහිර ගීයකින් උකහා ගත්තක්. ඒ ගිය ගැයුවේ Rita Coolidge.



තනුව උපුටා ගත් බටහිර ගීය

(na na na na na na na....) ////

There's a song I'd like to sing
Do you know the song I mean?
It don't always sound the same
But it's always good to sing.
Anyone one can say the words
Anyone can sing the tune
If you take a little time
I can teach this song to you

And we can get to know each other
Like a sister and a brother
Like a father and a mother
Like a woman and a man

We can sing along together
Just enyoying 'til it's over
It don't need to last forever
If we want it to it can.

Maybe it don't mean a thing
It's a pretty little tune.
It's a song I'd like to sing
And I'd love to sing with you.

(na na na na na na na....)////

Artist - Rita Coolidge
Album - Full Moon (Expanded Edition 1973)
Featured artist - Kris Kristofferson

Monday, April 1, 2019

පාළු අඳුරු කුටියක

පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

පාවී පාවී ආවා වලා
රෑවී රෑවී ආවා බලා
සඳුගේ සිනාවන් නොවසා දමා
යාවී යාවී පාවී වලා
යාවී යාවී පාවී වලා

පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

ඈගේ සිනාවේ රහසක් ඇතේ
මාගේ හදේ නම් සැකයක් නැතේ
බිඳීලා දැවීලා ගිය ආදරේ
යළි මා හදේහී ඉපදී නොඒ
යළි මා හදේහී ඉපදී නොඒ

පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

ගායනය - සුපර් ගොල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/00)

අරුණ උදේ අවදිවෙලා

අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

නිල් අහසේ පැහැය වගේ සාරියකින් සැරසී
තවත් රෝස මලක් පිපී මග එනවා දුටිමී ...//

නෙළන්න දෝ
තියන්න දෝ
නෙළන්න දෝ තියන්න දෝ
ඇසුවා සිත විමසා

අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

අරුණ උදේ සිනාසිසී යන හැටි මට පෑහේ
නෙළුවොත් නම් එහි ලස්සණ නැති වෙනවා දෑසේ ...//

නෙළන්න දෝ
තියන්න දෝ
නෙළන්න දෝ තියන්න දෝ
ඇසුවා සිත විමසා

අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/001)

ටිකිරිමලී පාසල් යන

ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//

නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කල ද මදෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා

ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා

හේනෙ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැතිවී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා

ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//

ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - වර්නන් පෙරේරා
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/001

සඳයි තරුයි රැයයි හිරුයි

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් ( අනිල් භාරතී සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)

පැරණි ගායනයක්


නව ගායනයක්

අද වේ ඉරු දින

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද .....//

සතියේ දින හත
ගැණ ගැණ මගෙ සිත
ඉරිදා දින මත
පැතුම් ඇඳී ඇත
සඳ පායන තුරු
කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු
එන ඉරිදා වන තුරු

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද

ඔබෙ සියුමැලි වත
පණ ගන්වයි සිත
පැටලී හදවත
සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට
ඇති මගෙ සහතුට
මැන බර කිරුමට
හැකි වේවිද කෙනෙකුට

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද ....//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Sooriya / CHB 022)

බෙත්ලෙහෙම් පුරේ

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

ළෙලෙන කැන් දිදී (හා.. හා හා හ හා....)
අමුතු තරුවකී ...//
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

නිරිඳුන් තිදෙනා (හා.. හා හා හ හා....)
තරුවෙන් දිලෙනා ...//
මඟ අහගෙන යති දැකුමට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

සත වෙත කරුණා (හා.. හා හා හ හා....)
පිණි දිය ගලනා ...//
මුදු උල්පත පාදා දුණි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
සාමෙ රජින්දා
ජේසු බිළින්දා
සාමෙ රජින්දා

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)

මෙම ගීයේ ගායන ඉතා විශාල ප්‍රමාණයක් ඇත. විශේෂයෙන්ම නත්තල් සමයේදී අනිල් භාරතී විසින්ම විවිධ අයුරින් (පද පේලි අඩු කර, අලංකාර එකතු කරමින් හෝ අඩු කරමින්) කළ ගායනා රැසකි.
එසේ හෙයින් පැරණි ගායනයක් හා නව ගායනයක් ලෙස ගී දෙකක් ඉදිරිපත් කරමි. පද නව ගායනයට අනුවයි.

පැරණි ගායනයක්


නව ගායනයක්

මා ආදරෙයි නංගියෙ

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි ...//
සෙල්ලම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී

සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Lotus / LECL 001 GC 001)