බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
ළෙලෙන කැන් දිදී (හා.. හා හා හ හා....)
අමුතු තරුවකී ...//
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
නිරිඳුන් තිදෙනා (හා.. හා හා හ හා....)
තරුවෙන් දිලෙනා ...//
මඟ අහගෙන යති දැකුමට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
සත වෙත කරුණා (හා.. හා හා හ හා....)
පිණි දිය ගලනා ...//
මුදු උල්පත පාදා දුණි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා
බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිළින්දා
සාමෙ රජින්දා
ජේසු බිළින්දා
සාමෙ රජින්දා
ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)
මෙම ගීයේ ගායන ඉතා විශාල ප්‍රමාණයක් ඇත. විශේෂයෙන්ම නත්තල් සමයේදී අනිල් භාරතී විසින්ම විවිධ අයුරින් (පද පේලි අඩු කර, අලංකාර එකතු කරමින් හෝ අඩු කරමින්) කළ ගායනා රැසකි.
එසේ හෙයින් පැරණි ගායනයක් හා නව ගායනයක් ලෙස ගී දෙකක් ඉදිරිපත් කරමි. පද නව ගායනයට අනුවයි.
පැරණි ගායනයක්
නව ගායනයක්
No comments:
Post a Comment