Showing posts with label සුනිල් එදිරිසිංහ. Show all posts
Showing posts with label සුනිල් එදිරිසිංහ. Show all posts

Friday, June 26, 2020

පාරමී දම් පුරා සපැමිණ

ආ... ආආ... අඅඅආ...
ආ... ආආ... අඅඅආ...

පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී වෙන්ව යන සඳ
කියා ගන්නට බැරිව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසි දින

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ
පතා ආවෙත් එලෙසමයි

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතිවිල්ලක් ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්
විශ්වයම සුවපත් කළ හැකියි

ආ ආ ආ... ආ.. ආආආ....

නිතින් සසර දුක ජය ගන්නට වේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී

ගායනය - සුනිල් එදිරිසිංහ සමග නන්දා මාලිනී
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
"ස්වයංජාත" ටෙලි සිත්තමේ තේමා ගීයයි.

අහසට තරු ඇයි මෙතරම්


අහසට තරු ඇයි මෙතරම්
අහසේ තරමට
දිලිහෙන තරමට
තරු ගැන ඇයි මේ විපරම්
මේ විපරම්

හැම තරුවම දිලිහෙන්නෙ නෑ
දිලිහෙන තරු ගැන අහසක් කිසිදා දන්නෙ නෑ

මතකය වෙරළකි සිහින සිතිජ ඉමේ
සිතිජය හැර නිම් තෙර දකිමු කෙසේ
පහන් ටැඹක් වී දැල්වෙමි දියඹ දිගේ
නිම් තෙර දකිනා දින මහ දුරක නොවේ

ගමේ වෙරළ හමුවෙනු නැත නගර දොරේ
වෙරළ වෙනස් වුව හද එකමයි දෙතෙරේ
අප සැඟවූවත් අප'තර ඇති යම් දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ

අහසට තරු ඇයි මෙතරම්

ගායනය - නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ සමග ශානිකා සුමනසේකර
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
කළුවර ගෙදර" ටෙලි සිත්තමේ තේමා ගීයයි.

Wednesday, June 10, 2020

ලප නැති සඳක්


ලප නැති සඳක්

ඇති නිලඹරක්

කිකලෙක නමුත්

දුටුවෙද ඔබත්

දුටුවෙද ඔබත්

සඳරැසින් පිපි

මලක් වනු මිස

 

නොපතන්න ඒ සා පුර හඳක්

පුර හඳක්

 

ඇද නැති ගඟක්

නිල් දියවරක්

ගැලුවා ද දී

රසඳුනක්

ගිලී දිය සනහා නිවෙනු මිස

 

නොසොයන්න ඒ සා ගඟ දියක්

ගඟ දියක්

 

මඩ නැති විලක්

මත සියපතක්

පිපුණා ද කවදා කොතැනකවත්

 

රැඳි සුවඳ මුව ළඟ විඳිනු මිස

නොසොයන්න ඒ සා සියපතක්

සියපතක්

 

ලප නැති සඳක්

ඇති නිලඹරක්

කිකලෙක නමුත්

දුටුවෙද ඔබත්

දුටුවෙද ඔබත්

සඳරැසින් පිපි

මලක් වනු මිස

 

නොපතන්න ඒ සා පුර හඳක්

පුර හඳක්

 

ගායනය - සුනිල් එදිරිසිංහ

පද - මහින්ද දිසානායක

තනුව හා සංගීතය - නවරත්න ගමගේ

ශ්‍රී ලංකා රූපවාහිනී සේවයෙන් විකාශය වූ "ආඥාදායකයාගේ සිහිනය" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.

2001 වසරේදී මෙම ගීතය, “පාරු පාලමෙන්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2004 වසරේදී “සඳ එළියෙන් දෝතක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


Tuesday, June 9, 2020

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ .....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ ....//

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

සිරිකත නුඹයි මගේ නූපන්නත් ක්ෂීර සාගරේ

නිල්මිණි නුඹයි පහළ නූනත් නුඹ මැණික් ආකරේ ...//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ ....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

ගෙපැලට නුඹ ආ කල රෑ අහසට කිම චන්ද්‍රානී

ඒකාලෝක කරයි දිගන්තයම ඡවි කල්‍යාණී .....//

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ ....//

 

අති සුන්දර

නිති පෙම්බර

ගති පින්බර

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ප්‍රේමී මගේ

ප්‍රේමී මගේ

 

ගායනය - සුනිල් එදිරිසිංහ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

"බෙර හඬ ඇහෙන මානයේ" ටෙලි නාට්‍යයෙනි.

ඉපනැලි ද රඟයි


ඉපනැලි ද රඟයි

දෙණි පෙත ද තැවෙයි

ගම්දොර සැමරුම් හමුවෙයි

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

මේ ගමන දුරයි

නුඹ තරු ලකුණයි

එළියෙන් දරුවන් සැනහෙයි

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

නොදැමුණු සුළඟේ ඇයි නා මල සසල කළේ

නා මලම තමා සැඩ සුළඟ ද නතර කළේ

සසරේ පසු පස එන තැවුල ද උරුම වුණේ

එය තැවුලක් නොව එක මොහොතකි සසර මඟේ

 

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

ගායනය - නන්දා මාලනී සමග සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ

පද - බන්දුල නානායක්කාරවසම්

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



2001 වසරේ විකාශය වූ "අඹු දරුවෝ" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.

Monday, June 8, 2020

පොඩි මල් එතනෝ (සමිතා/සුනිල්)

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළඳේ
කදිමට කවි කියන්නේ
හිඳ තනියම ගං තෙරේ
පොඩි මල් එතනා
සුරතල් එතනා
පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

අතු අග අර සිටින ඒ
රන ගිරවිට ඇසෙන සේ
කියන්න කවි මේ ලෙසේ
නිකමට සිතුනා
නිකමට සිතුනා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

හා හා ඔය බොරු එපා
දන්නව මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ
කවිය කියන්නේ
සුරතල් එතනා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

අහසේ හිරු බැස යතේ
කුරුලෝ ඉගිලී යතේ
ගඟ දිය සුළඟින් නැගේ
බලන්න මහිමේ
බලන්න මහිමේ

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

හැබෑට ලස්සණ තමයි
එතනගෙ රුව කදිමමයි
මූණ පොසොන් සඳ වගෙයි
රැස් විහිදෙන්නා
රැස් විහිදෙන්නා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

මගෙ හැඩ මොකටද අනේ
නොකියම එය බැරුව නේ
බලන්න ඉර ගිලුණ නේ
අඳුරත් වැටුණා
අඳුරත් වැටුණා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

පොඩි එතනා බය හැඩයි
සඳ අර අහසේ නැඟෙයි
මා නිතරම ඔබ ළඟයි
මගෙ මල් එතනෝ
මගෙ මල් එතනෝ

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

පීනමු පෙම් සාගරේ
එතෙරට යමු දෙව් පුරේ
නෙක සිරි සැප විඳිමිනේ
ප්‍රේමෙන සැමදා
ප්‍රේමෙන සැමදා

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව සමග සුනිල් එදිරිසිංහ
පද හා තනුව - ආනන්ද සමරකෝන්
මුල් ගායනය වී.පී. ලීලාවතී සමග ආනන්ද සමරකෝන්



මුල් ගීය මෙතනින්

දොවන තරම් බුරුලු පුරා


දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
උඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනව මසට නොදෙන් පතුළ ඉඹින්නම්

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කන වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමං පින් සිදුවෙයි මසට නොදෙන් මං

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම් //

ගායනය - නිර්මලා රණතුංග සමග සුනිල් එදිරිසිංහ
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

කඳුළු විලේ


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

1991 දී “හිරුට මුවාවෙන්” නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.

Sunday, June 7, 2020

අඬහැර අසනු රිසියෙන්

අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට

බැතේ බරට හිනැහෙන කමතේ පැදුර
කාන්සියට මැදිවී නිහඬයි දුකට
හෙළ කුල සිරිත් යට වුණු කල කළ පවට
කෙලසක විඳින්නද වෙල් එළියක මිහිර

සිහිලැල් සුළං රැල් පාවෙයි සිහිල දිදී
හීන් හ‍ඬින් වක්කඩ දිය ගලා බසී
සුපුරුදු ගැමි සුවඳ හදවත කොනක හිඳී
කොළ මැඩුමකට සිත කැන්දන් යාවි නිතී

අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ගාමිණී ශ්‍රී තෙබුවන
තනුව - ආනන්ද වෙෙද්‍යසේකර

Saturday, June 6, 2020

දවුලක් ගෙන සබයට එන


දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ ....//

මනමේ සඳ කිඳුරු ගැටව්
ආඬි ගුරා ගුරුළු පැටව් ....//

ශිල්ප දිදී නුඹ හැදුවේ තාත්තෙක් වගේ
පිට දේශක්කාර නැටුම් උන්ට අද අගේ

නුඹ ඇඳි කෝලම් මූණක
සිනහවක් නැඟේ තොල් අග ....//

කෝලම් කාරයො හිටියත් වේදිකා අරා
නුඹේ තාල තාම ඇහෙයි රෑට ගම පුරා

දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා


2011 වසරේදී නිකුත්වූ “මල් වැහි පොද” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

Friday, June 5, 2020

සුනාමි විපතින් බිඳ වැටුණු රට ගොඩනැංවීම දිරිමත් කිරීමේ ගීය



අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරං ගිහින්
අපි ඇන්ද ඇඳුම් මුහුද ඇවිත් අරං ගිහින්
අපේ පාඩම් පොත් මුහුද ඇවිත් අරං ගිහින්
නිදාගත් පැදුරත් මුහුද ඇවිත් අරං ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න .....//

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න ....//
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩනඟන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරං ගිහිං මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට ...//

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න ....//
එපා ජාති ආගම් කුල මල තකන්න
හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වනාපු
මේ රට පෙර නර විරුවන් ගොඩනගාපු
බිඳින්න බැහැ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනව රට හදන්න .....//

ගායනය - ළමා ගායක වෘන්දය සමග සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රට පත් නෙක ගැහැට දුරලා අනාගතය කෙලෙසින් ගොඩ නැඟිය යුතුද යන්න අලලා, ජාතික රූපවාහිනිය නිර්මාණය කළ මෙම ගීයට, ජර්මනියේ පැවති “Prix Jeunesse  International 2006” සම්මාන උළෙලේදී “No more Worries” , Prize of the Children's Jury සම්මානය හිමිවිය.

මේ ගීයේ වීඩියෝවක් මෙතනින් නරඹන්න

රිදී නදී තාරකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

මල් පාරේ මල් ඉහිරී මල් ඇතිරිල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
මල් ඇතිරිලි යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

ආකාසේ තරු සැරසී සඳ සිහිලැල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
සඳකැන් තරු යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා ....////

ගායනය - මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - කලණි පෙරේරා
1987 දී කළ ගීයකි.
“Selected hits of Menik Jayasekara” සංයුක්ත තැටියට ඇතුළත් විය.

ඉහට වහල නිල් අහසයි

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

කරට පිරූ ගෝනි බරෙන් දවස ගෙවෙන්නේ
කුසට නැතී හිතට ඇතී
සුවය සදන්නේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

සිරුර දැවූ කඳුළු සැළූ දිනය නිමාවේ
සිනාසිසී බලා සිටී
මොහොත උදාවේ
අපේ ලෝකයේ නැතේ සෝගිනී

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ඉහට වහල නිල් අහසයි සෙවණ සදන්නේ
පොළව සිඹින තණ නිල්ලෙන් යහන සැදෙන්නේ

ගායනය - මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන
1987 දී කළ ගීයකි.