Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts

Friday, August 21, 2026

සුසංයෝග ගී මී



පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ අපවත් වෙලා.

විශාරද නන්දා මාලනී මහත්මියත් දිවි ගමන නිමා කළා.

දෙපළම සිංහල ගී කෙත අස්වද්දන්න කළ මෙහෙය අපමණයි.

 කිවියර යතිවර රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේටත්,  සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මැතිනියටත් උපහාරයක් ලෙස දෙදෙනාම එක්ව කළ ගී නිර්මාණ දෙකක් ගෙන  එනවා.

1. රෑ සඳ අහස් ගඟෙන්

රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


කුලී වැඩපොළෙන් එතෙරව

වෙළී දරු දුකෙන් දිව යන


මැණික් මාලිගාවකි නුඹ සසර සාගරේ


සැළී තන කිරෙන් සැතපුව

හුදී ජන පහන් කරඬුව


කඳුළු මාලිගාවකි නුඹ සසර මාවතේ

සසර මාවතේ


රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


බදා හදවතින් දරු දුක

නිවා දූ පුතුන් ළය දුක


නෙළා ගෙන බැණුම්

වී පොරි රැයේ හාමතේ


වලාවෙන් මිදී සඳ ලෙස

දයාවෙන් වෙළී ගෙට එන

කුලී මාලිගාවකි නුඹ සසර ජීවිතේ

සසර ජීවිතේ


රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


ගායනය - නන්දා මාලනී

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව - ⁣රෝහණ වීරසිංහ




2. මලේ සුවඳ

මලේ සුවඳ වාගේ මල මතම රැඳී

විලේ ජලය වාගේ විල තුළම රැඳී

සඳේ සදාතන ආදර සිසිල වැදී

අපේ ආදරේ පවතී සුවඳ දිදී


කල්ප කාල මං තල වල හිනාවෙවී

කල්ප කාල දුර ආවා වෙනස් නොවී

සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතාවෙවී

පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී


හිතේ වෙළෙන ළෙන්ගතුකම කියාදිදී

පෑව සිනා දුටු දා සිට පෙමින් වෙළී

මහාමෙරක් සේ මා සිත නොහැර සිටී

නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරී


මලේ සුවඳ වාගේ මල මතම රැඳී

විලේ ජලය වාගේ විල තුළම රැඳී

සඳේ සදාතන ආදර සිසිල වැදී

අපේ ආදරේ පවතී සුවඳ දිදී


ගායනය - නන්දා මාලනී

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව - ⁣නන්දා මාලනී


Saturday, May 2, 2026

රන් අභරණ ගෙළ පළඳමි

රන් අභරණ ගෙළ පළඳමි

රන් සළුපිළි ගත සරසමි

රන් කරඬුව ලා සුරකිමි

පරෙවි ධේනුවේ


රන් සළුපිළි ගැන නොතැවෙමි

රන් මිණි මුතු නැත මට හිමි

රන් කරඬුව තුළ වැළපෙමි

සුහදයාණනේ


කටු ලැහැබක පිපි කුසුමක

සොඳුරු බව දකිම්

මල් බඳුනක රඳවා


තුරු ගොමුවක ලිය වදුලක

එමල රැඳුණි නම්

අවට සුවඳ වෙනවා


මඟ බැස යන දිය දහරක

විසල් බව දකිම්

මග අවහිර කරවා


පෙණ පිඬු මැද බැස යන්නට

දොළට ලැබුණි නම්

මඟ විසිතුරු වෙනවා


රන් අභරණ ගෙළ පළඳමි

රන් සළුපිළි ගත සරසමි

රන් කරඬුව ලා සුරකිමි

පරෙවි ධේනුවේ


රන් සළුපිළි ගැන නොතැවෙමි

රන් මිණි මුතු නැත මට හිමි

රන් කරඬුව තුළ වැළපෙමි

සුහදයාණනේ


ගායනය - ප්‍රදීපා ධර්මදාස සමග ජානක වික්‍රමසිංහ

පද - බණ්ඩාර ඇහැළියගොඩ

තනුව - රෝහණ වීරසිංහ


සුසිල් ගුණරත්නගේ "පරෙවි ධේනුව" ටෙලි නාට්‍යයෙන්.


ජීවිතේ කවියක්



ජීවිතේ කවියක්

ආදරේ සොඳුරුතම වදනක්

කඳුළැලි බිඳක්

හසරැලි පොදක්

එකට එක්වූ විට දැනේ

පෙර නොවිඳි රසයක්


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුක ද ඉවසා දරා ගන්නට

සිතට බලකරනා

හැඟුම් අවදිව මැවේ කවිකම


ජීවිතේ කවියක්

ආදරේ සොඳුරුතම වදනක්

කඳුළැලි බිඳක්

හසරැලි පොදක්

එකට එක්වූ විට දැනේ

පෙර නොවිඳි රසයක්


සෙනෙහසින් රැඳී වුන් නෙක දන

පලා යයි නොකියාම ඈතක

පවුරු පදනම් බිඳී දස අත

විසිර යන යාමේ

කවුරු නම් ළංවේද තනියට


ජීවිතේ කවියක්

ආදරේ සොඳුරුතම වදනක්

කඳුළැලි බිඳක්

හසරැලි පොදක්

එකට එක්වූ විට දැනේ

පෙර නොවිඳි රසයක්


ගායනය - නන්දා මාලනී

පද - බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය - රෝහණ වීරසිංහ


“ගජමන් නෝනා“ ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.




තම ගුරු මෑණියන්ට ප්‍රණාමය දක්වමින් දීපිකා ප්‍රියදර්ශනී මේ ගීය මෙලෙසින් ගැයුවා...



Friday, June 26, 2020

මල් නොතලා මල් පැණි බොන

මල් නොතලා මල් පැණි බොන බඹරුන් වේ නම්
ඒ බඹරුන් මල් යායට ගීයක් අන්දම් ....//
ගීයක් අන්දම් බඹරුන් ගීයක් අන්දම්

ගැට නොතලා ඵල වළඳින සියොතුන් වේ නම්
ඒ සියොතුන් වන වදුලට මල් රූ අන්දම් .....//
මල් රූ අන්දම් සියොතුන් මල් රූ අන්දම්

දළු නොතලා ලිය ගොමුවේ සා මුව යා නම්
ඒ සා මුව ලිය ගොමුවට නෑසියො අන්දම් ....//
නෑසියො අන්දම් සා මුව නෑසියො අන්දම්

සිත නොතලා සෙනෙහස දෙන සකි සඳ වේ නම්
හද මිහිලිය නළවන සකි මල් වැහි අන්දම් ....//
මල් වැහි අන්දම් සකි සඳ මල් වැහි අන්දම්

ගායනය - නන්දා මාලිනී
පද - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
"දෙරණ" ටෙලි සිත්තමේ තේමා ගීයයි.

Tuesday, June 9, 2020

ඉපනැලි ද රඟයි


ඉපනැලි ද රඟයි

දෙණි පෙත ද තැවෙයි

ගම්දොර සැමරුම් හමුවෙයි

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

මේ ගමන දුරයි

නුඹ තරු ලකුණයි

එළියෙන් දරුවන් සැනහෙයි

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

නොදැමුණු සුළඟේ ඇයි නා මල සසල කළේ

නා මලම තමා සැඩ සුළඟ ද නතර කළේ

සසරේ පසු පස එන තැවුල ද උරුම වුණේ

එය තැවුලක් නොව එක මොහොතකි සසර මඟේ

 

මගෙ වෙහෙර නුඹයි

අත නෙළුමක් වෙයි

පිදුමට පින් මදි ද සිතේ

 

නුඹ මවක වගෙයි

හිත බැතිබර වෙයි

ඉන් මගෙ දෑසම බොඳවෙයි

 

ගායනය - නන්දා මාලනී සමග සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ

පද - බන්දුල නානායක්කාරවසම්

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



2001 වසරේ විකාශය වූ "අඹු දරුවෝ" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.

Monday, June 8, 2020

කඳුළු විලේ


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

1991 දී “හිරුට මුවාවෙන්” නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.

Friday, June 5, 2020

සුනාමි විපතින් බිඳ වැටුණු රට ගොඩනැංවීම දිරිමත් කිරීමේ ගීය



අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරං ගිහින්
අපි ඇන්ද ඇඳුම් මුහුද ඇවිත් අරං ගිහින්
අපේ පාඩම් පොත් මුහුද ඇවිත් අරං ගිහින්
නිදාගත් පැදුරත් මුහුද ඇවිත් අරං ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න .....//

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න ....//
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩනඟන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරං ගිහිං මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට ...//

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න ....//
එපා ජාති ආගම් කුල මල තකන්න
හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වනාපු
මේ රට පෙර නර විරුවන් ගොඩනගාපු
බිඳින්න බැහැ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනව රට හදන්න .....//

ගායනය - ළමා ගායක වෘන්දය සමග සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රට පත් නෙක ගැහැට දුරලා අනාගතය කෙලෙසින් ගොඩ නැඟිය යුතුද යන්න අලලා, ජාතික රූපවාහිනිය නිර්මාණය කළ මෙම ගීයට, ජර්මනියේ පැවති “Prix Jeunesse  International 2006” සම්මාන උළෙලේදී “No more Worries” , Prize of the Children's Jury සම්මානය හිමිවිය.

මේ ගීයේ වීඩියෝවක් මෙතනින් නරඹන්න

Tuesday, June 2, 2020

ලෝකයක් නසන්නට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද

නැසුණ ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ
කවුරුන් ද

එකම ඉර එකම සඳ පිහිටකොට ගත් අපට
එකම පැණයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන හටන් කරණුයෙ කුමට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණ ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ
කවුරුන් ද

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙම ගීයේ ද්‍රවිඪ ගීය


ලෝකයක් නසන්නට ගීය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. 1986 වසරේදී එළි දැක්වුණු "මගේ සෙනෙහස" කැසට් පටයට ඇතුළත් විය.


ද්‍රවිඪ ගීයේ වීඩියෝවට 

දර මිටි බැඳගෙන

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැවී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය රෝහණ වීරසිං


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් (1987) දොරට වැඩි ගීයකි.
1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.

අහසින් පොළොවට කඩා වැටීලද


ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසා ද මේ ගෙට
අනාථ නිවසයි පටබැඳුණේ

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

ගෙනත් දෙතිය රස මසවුළු මව්වර
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.

Sunday, May 31, 2020

නෙළුම් නෙළුම්


නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ ....//

විලට දුකයි
විලට දුකයි විල් දිය බොර කරන්නට එපා
පඳුරු බිඳෙයි
පඳුරු බිඳෙයි දිය පිට පා තබන්නට එපා

නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ

මලට රිදෙයි
මලට රිදෙයි නටුව ළඟින් කඩන්නට එපා
බඹරු අඬයි
බඹරු අඬයි විලෙන් නෙළුම හිඳින්නට එපා

නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ ....//

ගායනය - සුනිල් එදිරිසිංහ සමගින් පිරිස
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය.
"කුසුමං පුල්හිතං දිස්වා" යන පාලි පාඨයේ අර්ථය වන්නේ, මල් ගසේම තිබියදී පූජා වෙත්වා යන්නයි. එකී අදහස පදනම් කර රචිත ගීයකි.