Showing posts with label ලූෂන් බුලත්සිංහල. Show all posts
Showing posts with label ලූෂන් බුලත්සිංහල. Show all posts

Saturday, October 16, 2021

දීකිරි දීකිරි ගෙනාව දීකිරි

දීකිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි.....//

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

කිරි විකුණාලා කාසි හොයන්නයි
අනාගතේ මාලිගා තනන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි

මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

හිස මගෙ දෙදරයි දෙපා රුදා දෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි
පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි

මගෙ මංගල්ලෙට ඔහෙලත් එන්නයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමෙට ලාබයි මං දෙන මේ කිරි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

ගායනය - අනුලා බුලත්සිංහල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - ලූෂන් බුලත්සිංහල
"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍ය යේ ගීයකි.



ලූෂන් බුලතසිංහලයන් මේ ගීය රචනයට පාදක කරගන්නේ පැරණි සැහැල්ලකි.

පණ්ඩිත එෆ්.එක්ස්.සී. නඩරාජා මහතාගේ ද්‍රවිඪ සැහැලි එකතුවේ එන සැහැල්ලක් මෙසේය. පහත දැක්වෙන්නේ දැනට ද මඩකලපුවේ ගම්බද දීකිරි වෙළෙන්දියන් විසින් ගැයෙන දීකිරි සැහැල්ලෙහි සිංහල පරිවර්තනයයි.

දීකිරි දීකිරි තියෙනවා දීකිරි
මිහිපිට මහිලාවනි හොඳ දීකිරි

ඊයෙම දොවලා ඊයෙම උණු කළ
බලන්න අම්මෙනි
මේවයි දීකිරි

මගෙ බස නිබොරුයි
ඇඹුල් රහක් කිසි නොසිතන් තිබෙතැයි

ගෙඩි නැගි කල මෙන්
හිස මගෙ දෙදරයි
මිල නම් අම්මෙනි හය පනමක් මයි
රෑ වෙන්නට පෙර
ගෙට යා යුතුමයි

දීකිරි දීකිරි තියෙනවා දීකිරි
මිහිපිට මහිලාවනි හොඳ දීකිරි

ලූෂන් බුලතසිංහල, "රතු හැට්ටකාරී" නාට්‍යයට දීකිරි දීකිරි ගීය ගෙතුවේ ඉහත සැහැල්ල අනුසාරයෙනි.

අනුලා බුලත්සිංහල මහත්මිය TVlanka රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මේ ගීය ගැයූ අයුරු




Tuesday, June 2, 2020

දර මිටි බැඳගෙන

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැවී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය රෝහණ වීරසිං


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් (1987) දොරට වැඩි ගීයකි.
1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.

Saturday, May 23, 2020

පිනිබර යාමේ


පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී ...//
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා

පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා ...//
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මෙම ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට්පටයට ඇතුළත් වුණා. නැවත 2005 වසරේදී නිකුත්වූ "සුනිල් ගී 22" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.

Saturday, April 20, 2019

නොසැලෙයි දිවි මකුළු ඇස


නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා

ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසල වැටි වැටී
නිවී නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ


විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ


ඝාතකයා මිනීමරන්නේ තිරිසනා
විනිසුරුවා නඩු අහන්නේ මිනිසා
මුනිවරයා සමාව දෙන්නේ දෙවියෝ

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි

උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා
ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

ගායනය - අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා සහ පිරිස
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස

1998 දී තිරගතවූ 'ගිණි අවි සහ ගිණි කෙළි' චිත්‍රපටියේ ගීයකි.


සුවඳයි මල් සුවඳ සේ

සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ ....//

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි
ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගෙයි

සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

දිය කඩිති නිල් බරවුණේ
පොඩි තිත්ත පැටවුන්ට නේ
අල්ලන්න ආසයි
උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සුවඳයි මල් සුවඳසේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

ගායනය - සමන්ත පෙරේරා සහ ඉන්දිකා උපමාලි
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස
ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ "ඇසළ කළුවර" ටෙලි නාට්‍යයට නිර්මාණය වූ තේමා ගීයයි.

මෙම ගීය ගැන විපරම් කළ මට, "ඇසළ කළුවර" ටෙලි නාට්‍යයට ගැයුණු ගීය සොයා ගත නොහැකි විය. එතකුදු නොව, ඉන්දිකා ගැයූ ගීය ද අන්තර්ජාලයේ කොතැනකවත් හමු නොවීය. ඇතැම් අය වීඩියෝ ලෙසින් අන්තර්ජාලයට එක්කර තිබූ ඉන්දිකා ගැයූ ගීයට පිවිසුම් සියල්ල අහුරා තිබුණි. කවර ආකාරයක හෝ කාරණයක් ඊට හේතුවන්නට ඇත.
කෙසේ නමුත්, කේමදාස මාස්ටර් වෙනුවෙන් දිගහැරුණු "මා නොගැයූ මගේ ගී" ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ සජීවී වැඩසටහනේ වීඩියෝවක් මා ළඟ, මගේ පෙට්ටගමේ තිබුණු බව මට මතකය. එදා රූපවාහිනී වැඩසටහනේ දී පවා මේ ගීයට මොකද්දෝ අසුබයක් ඇති බව, ගීය ආරම්භයේ ඉන්දිකා අතැති මයික්‍රෆෝනය ක්‍රියාත්මක නොවීමෙන් පෙනී ගියේය. ඉතින් එසේ හෝ මා ළඟ සුරැකි මේ ගීයේ වීඩියෝවෙන් උකහා ගත් mp3 ගීය ඔබ වෙත ඉදිරිපත් කරමි.
ඇවැසි කෙනෙක්ට මා ළඟ සුරැකි වීඩියෝව ලබා දිය හැක. එහි පූර්ණ අයිතිය ජාතික රූපවාහිනිය සතු බව අවධාරණය කරමි. එහෙයින් එය ලබා දෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව බව ද දන්වමි.

සමන්ත පෙරේරා ඉන්දිකා සමග


පසු කලෙක සමන්ත පෙරේරා සශිකා නිසංසලා සමග ගැයූ අයුරු


සමන්ත පෙරේරා රූපවාහිනී වැඩ සටහනක, නදිමාල් පෙරේරා සමග ගැයූ අයුරු

Friday, March 22, 2019

රජ මැදුරක ඉපදී හිටියා නම්

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මගදිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මගදිග යනවිට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - එච්.එම්. ජයවර්ධන

Thursday, March 21, 2019

සෙවණැල්ලේ නෑ

හා හා හාහා හා... ///

(ලා ලා ලලලප්පා) //

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

(ලා ලා ලලලප්පා)
හා හා හාහා හා... ///

පින්නෙන් පෑහී නා මල නෑඹුල්
සුවඳින් වැලපී හෙමින් සැරේ
නින්දක් නැති හද ගින්නෙන් රතුවී
අළුයම් සයුර සිඹී

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

(ලා ලා ලලලප්පා)
හා හා හාහා හා... ///

නෑදෑ කමටද සමනලයින්නේ
රෑනින් රෑනට ඉගිලෙන්නේ
පරෙවි තටු ගසා
ප්රථම ප්රේමයේ
මිහිරයි ඉගිල ගියේ

සෙවණැල්ලේ නෑ ඇස් කන් ඉඳුරන්
සිත ඉව අල්ලයි නිරන්තරේ
අතනාරි ලුහුබඳී ලෝබයෙන්
මේ තමා ..... ඒ
ආදරේ

හා හා හාහා හා... (හා හා හාහා හා...) ////.

ගායනය - මාලිනී බුලත්සිංහල සහ පිරිස
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස

අනේ පුංචි කාලිදාස

ආ.. ආ..... ආඅඅආ... ආආඅආ.....

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

නදී තෙරේ වන තීරේ මල්ගොමු අතරේ
ලතා මඬුලු වියන් බැඳන් ප්‍රේම ජවනිකා
ප්‍රමෝදයේ මනෝරංග සිහින අපූරුයි

අනේ පුංචි කාලිදාස
වන දඩයම් එන කුමරුන්
වන තීරේ ගස් කපලා
හරිම ග්‍රීෂ්මයි

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

අනේ එපා පේරැස් මුදු ගඟේ වැටේවී
කිරුළු පළන් කන්‍යාවී හඬා වැටේවී
මැදුරේ ගිණි දොරටුව ළඟ හිත ඇවිලේවී

අනේ පුංචි කාලිදාස
කාලය ඉගිලිලා ගිහින්
පේරැස් මුදු ගිලින මසුන්
මැරීම තහනම්

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

මට සකුන්තලා වෙන්නට නම් බෑ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස

Saturday, March 16, 2019

සැන්දෑ අහස වගේ

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ ...//

හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ ...//

කන පළඳින්න ගෙනා තෝඩු දෙකෙන් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳ යැයි ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්න ද සිතුවේ ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - එච්.එම්. ජයවර්ධන

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම් ...//

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරණට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම්

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි ඉපදෙමි ඒ පියුමින් මම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත්
ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම් ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - එච්.එම්. ජයවර්ධන

Friday, December 28, 2018

මිනිසා මරණ තුනක් ඇති මිනිසා



හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

නියඟලා මල්
පා‍ට දේදුණු
දෙබෑ කර එන
ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්

රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවි

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1989 දී තිරගත වූ සිරිමැදුර චිත්‍රපටියේ ගීයකි.

Wednesday, January 3, 2018

ඝණ්ඨා සීනු

ඝණ්ඨා සීනු හේවිසි හොරණෑ
නිහඬයි
නිසලයි
බණ පද ගාථා ගීත යාතිකා
නිහඬයි
නිසලයි

සිරස දරා දෙවියන් බුදුන් ඇදහූ මිනිසුන්
(ඇදහූ මිනිසුන්)

සතර අපායේ තොරන් යටට වී
සතර අපායේ තොරන් යටට වී
කමින් බොමින් බැඳ බහුරූ කෙළී සැණකෙළි ....//

බෝසතුන් දෙව් පුතුන්
පළඟ බැඳන් ආකාසේ
නරඹනවා මේ අරුමෝසම්
නරඹනවා මේ අරුමෝසම්

මන්ත්‍ර කරන මේ ගීත කම්පන
ප්‍රකම්පනයෙන් ආවේශවී

අණවින කොඩිවින
අණවින කොඩිවින
භංග වේවා
පුණ්‍යවන්තයින්ගේ

පාෂාණ භූත බන්ධනයෙන්
මුනිවත් හදවත්
විදාරණය වේවා
පියවි සිහියෙන්
ප්‍රේමභරිතව වේවා
ප්‍රේමභරිතව වේවා
ප්‍රේමභරිතව වේවා

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ පිරිස
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ

විශාරද ගුණදාස කපුගේ ගේ "කම්පන" ගී ප්‍රසංගයේ තේමා ගීයයි.