Friday, May 3, 2019

පෙරදිග මුතු ඇටයයි මේ


පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා ...//

ජනිත වු සැම මෙම පොළවේ
නිති ආඩම්බර විය යුතුවේ 

දෑ කුල භේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී
සමගිව පේළි සැදී ...//

දිවි දී
රකිමු අපේ ලංකා

පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා

හා ආ ආ ආ.......
හා... ආ.. ආ.. ආ...

නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන්වී ....//

පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් //

අපගේ විකුම බලේ
රට ජාතියෙහි බලේ ....//

දිවි දී
රකිමු අපේ ලංකා

පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා ...//

ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - පන්කජ් මලික්
සංගීතය - එස්.එස්. වේදා
1956 දී තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ නාමාවලිය දිග හැරෙද්දී ගායනා වූ පසුබිම් ගීතයයි.

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, භාරතයේ සංගීතය වෙනුවෙන් පුද කරන අති ශ්‍රේෂ්ඨතම සම්මානයෙන් (1970 - පද්ම ශ්‍රී) පිදුම් ලැබූ, පන්කජ් මලික් (Pankaj Kumar Mullick) නම් වංග සංගීත ගාන්ධර්වයාණන් විසින් 1945 දී නිර්මාණය කොට ගායනා කරනු ලැබූ "Kar Charu Charaner Manjir Baje" යන ගීයෙනි.

මුල් ගීය


ලතා වල්පොල මහත්මිය තම පුතුන් ද සමගින් කළ ගායනා දෙකක්
1.

2.

තනුව උපුටා ගත් බෙන්ගාලි ගීය




No comments: