Showing posts with label ක්‍රිස්ටෝෆර් පෝල්. Show all posts
Showing posts with label ක්‍රිස්ටෝෆර් පෝල්. Show all posts

Wednesday, February 24, 2021

ඇල දොළ ගංගා යාවි ගලා

ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

මේ දැක මැණිකෙගෙ හද පතුළේ
රසවත් සිතුවිලි ඇතිවන්නේ
කාව සොයාගෙන හිනැහී යනවද
මල වගෙ ලස්සන රන් මැණිකා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ආදරි එන්නට කීවාදෝ
ඔහු හට ඔබෙ හිත දුන්නාදෝ
ඔබ මට කමතී වෙනවාදෝ සුදු
ඔබෙ ඔය දෑතම දෙනවාදෝ

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද - කැමිලස් පෙරේරා
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය



ගීය නව සංගීත සංයෝජනයෙන්

Monday, August 12, 2019

රෝස මලක් දුටුවාම

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන් ...//

සිහිවෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වාගේ
යළි හමුනූණ
ඔය සුදු මූණ
දැක ගන්නට ඇති ආශාව කවදා ඉටු වේවීද
සිහිනෙක සැංගී
එනවාද ගයන්න පෙම් ගීතේ

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන්

මට මතකයි වැලිබත් ඉවුවා අපි දෙන්නා අගු ගාණේ
ඔබ හැමතිස්සේ
මා පසු පස්සේ
ලුහු බැඳ වෙල් එළි වල දිව්වා කිරි බැබලෙන සඳපානේ
තවමත් මෙව්වා
මාගේ මතකින් නැහැ වෙන්වීලා

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන් ...//

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - බැසිල් එම්. සිල්වා
තනුව - 1958 දී "ද ෆෝ ඒසස්" ගායක කණ්ඩායම විසින් එළි දැක්වූ "Rose of Rio" ගීයෙන් උපුටා ගෙන ඇත


Rosa Malak Dutuwama - Christopher Paul

තනුව උපුටා ගන්නට යෙදුණු ගීය

Ross remind me of rio 
Rio reminds me of you
Once at the Garden Fiesta
I caught the Rose that you threw

You were my one Rose in Rio
I thought we never apart
Then something happened in Rio
You stole away with my heart

But it was wonderful senorita we did the tango
Your lips are falmes 
My lips the same
We seemed to milting each other's arm as we did the tango
I love you so I know I never love again

Roses remind me of Rio 
Rio reminds of you
You were my one dream of Rio
One dream that almost came true

But it was wonderful senorita we did the tango
Your lips are falmes 
My lips the same
We seemed to milting each other's arm as we did the tango
I love you so I know I never love again



මේ තනුවට ජර්මානු බසින් ගීයක් ගයා තිබෙනවා Gitta Lind විසින්. එයත් නිකුත් වුණේ 1958 දීමයි.

මෙන්න එම ගීය

Schön war'n die Tage der Rosen
Schön war die Nacht in Hawaii
Aber die Tage der Rosen
Sind für uns leider vorbei

Schön war'n die Tage der Liebe
Schön war'n die Stunden am Meer
Aber die Tage der Liebe
Sind so lange schon her

(Du sagtest: Bleibe mir treu!
Und ich bin Dir treu geblieben)
Ein ganzes Jahr
Ein ganzes Jahr
(Du sagtest: Bleibe mir treu!
Doch Du hast mir nie geschrieben)
Dein Wort von Treue war
ein Wort nur und nicht wahr

Schön war'n die Tage der Rosen
Schön war'n die Träume vom Glück
Aber die Tage der Rosen,
Sie kehren nie mehr zurück

(Du sagtest: Bleibe mir treu!
Und ich bin Dir treu geblieben)
Ein ganzes Jahr
Ein ganzes Jahr
(Du sagtest: Bleibe mir treu!
Doch Du hast mir nie geschrieben)
Dein Wort von Treue war
(Es war nicht wahr!)





මෙම තනුවේ විකසනයක් පහත ඉංග්‍රීසි ගීය Lovely lady of Arcadia වෙතින් දිස්වෙනවා. එම ගීය ගැයුවේ ග්‍රීක ගායකයෙක් වූ Demis Roussos විසිනි. ජර්මානු බසින් ඔහු ගැයූ මුල් ගීය මෙහි පහත ඉංග්‍රීසි ගීයට පසුව ඉදිරිපත් කර තිබෙනවා. මෙන්න  ඉංග්‍රීසි ගීය.

We met one magic summer day
A dream came true and blew away
For as our love began to grow
The time had come for me to go
Now all that I'm living for
Is to come back to you once more

Lovely lady of Arcadia
Promise you will wait for me
In your arms I found my Shangri-La
And it's where I long to be
Lost in love eternally

I feel alone among the crowds
And sunny skies are filled with clouds
I miss your kiss and you embrace
The tempting smile that lights your face
And just as long as we're a part
The same old song will haunt my heart

Lovely lady of Arcadia
When these lonely days are through
I will stay and pray Arcadia
Shall be paradise for two
Paradise for me and you

Shall be paradise for two
Paradise for me and you

Original song "Schönes Mädchen aus Arcadia"

Wir trafen uns im Sonnenschein
Ein kurzer Traum vom Glücklichsein
Oh, er ging viel zu schnell vorbei

Es kam der Abschied für uns zwei
Nun denke ich nur noch daran
Wie ich dich wiedersehen kann.

Schönes Mädchen aus Arcadia
Ich will immer bei dir sein
Denn seit ich in deine Augen sah
Träum' ich Tag und Nacht von dir
Tag und Nacht von dir allein.

Den letzten Tanz vergess' ich nie
Ich hör' noch heut die Melodie.
Wo ich auch bin, was ich auch tu'

Die Sehnsucht lässt mir keine Ruh'
Erst wenn ich wieder bei dir bin
Bekommt mein Leben einen Sinn

Schönes Mädchen aus Arcadia
Ich will immer bei dir sein
Denn seit ich in deine Augen sah
Träum' ich Tag und Nacht von dir
Tag und Nacht von dir allein.

Schönes Mädchen aus Arcadia
Oh, ich muss dich wiederseh'n.
Ich komme wieder nach Arcadia
Und ein ganzes Leben lang
Werd' ich nie mehr von dir geh'n
Werd' ich nie mehr von dir geh'n

Singer - Demis Roussos
Lyricist - Klaus Munro
Composers - Leo Leandros & Klaus Munro

මෑතක "රූපවාහිනිය" කළ "Tone Poem with Christopher Paul" වැඩසටහනට දිනේෂ් සුබසිංහගේ නව සංගීිත සංයෝජනයකින් හැඩ ගැන්වුණු මේ ගීයත් රස විඳින්න. (වීඩියෝවේ පූර්ණ අයිතිය ජාතික රූපවාහිනිය සතුයි. උපුටා ගත්තේ දැනුවත් කිරීමේ  අරමුණේ පිහිටා බැවින් අනිසි ලෙස භාවිතා නොකරන්න.)










Demis Roussos ගැයූ ගීය ඇසුරින් හින්දි ගීයක් නිර්මානය වුණා, Hum Hai Rahi Pyaar Ke නම් 1993 දී තිරගතවූ චිත්‍රපටයට. ගීය "Yoonhi Kat Jaayega Safar". ගීය ගැයුවේ Nadeem Shravan.
මෙන්න ඒ ගීය..

Sunday, August 11, 2019

මුස්තෆා මම මුස්තාෆා

හොඳ ද නරක ද ඔබෙ කාලේ
වෙච්ච දේ මොනවද බාලේ
ඉස්සරහට මොනවද වෙන්නේ
ඉර හඳ වාගෙයි පවසන්නේ

අයියෝ..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා

මැණිකෙ මොනවද දොඩවන්නේ
ඇල්මක් ගැන දෝ ළතවන්නේ
ඔබගෙ අදහස ඉටුවන්නේ
තව ටික කලකින් පසුවට නේ

මම..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා

(රැප් හෑල්ල Rap Part)

ඔබගෙ ඉටු දෙවි ඔහු වෙනවා

ඉරණම හොඳහැටි විසඳෙනවා
නව යුවලට ආසිරි දෙනවා
යළි හමුවන තුරු මම යනවා

මම..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා ....////

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල් (මෙහි ඇත්තේ ක්‍රිස්ටෝෆර් මෑතකදි එක් කළ රැප් ආරට නවීකරණය කළ ගීයයි.) පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග 
තනුව - 1960 දී බොබ් ඇසෑම් ගැයූ Ya Mustapha ගීයෙන් උපුටා ගෙන ඇත. **


Mustafa Mama Mustafa - Christopher Paul

** ඊජිප්තුවනේ බිහිවූ මේ බහුභාෂාමය ගීය, මොහොමඩ් ෆවුසි ගේ නිර්මාණයකි. එය විවිධ භාෂා වලින් ඒ ඒ රටවල් වලදී නිර්මාණය වී නෙක අයගේ හඬ මුසුවෙන් ලෝකයේ විවිධ කලාප වල ජනප්‍රියව ඇත. යුරෝපයේ වඩාත් ජනප්‍රිය වූයේ Bob Azzam ගැයූ ගීයයි. එ් 1960 දි. මෑතකදි ඉන්දියාවේ නිෂ්පාදිත Aatish (1994) චිත්‍රපටයේ එන මේ ගීයත් අහල බලන්න.


Hindi Song 

Singers -Jolly Mukherjee, Mukul Aggarwal, Alka Yagnik
Music - Nadeem-Shravan
Movie -Aatish (1994)
Cast - Sanjay Dutt, Aditya Pancholi, Raveena Tandon, Karisma Kapoor

Bob Azzam ගැයූ ගීයේ පද

Chérie je t'aime chérie je t'adore
Como la salsa de pomodoro
Chérie je t'aime chérie je t'adore
I am the one you’re looking for
Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

You like it when I tickle you with my mustache
And I like it when you say to me hush hush
Take me higher, light my fire
You are darling my desire

Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

If you ever need me, you just have to say
Anything you say, I promise, I'll obey
If you ever need a place to hide away
I am here for you every night and every day

Chérie je t'aime chérie je t'adore
Como la salsa de pomodoro
Chérie je t'aime chérie je t'adore
I am the one you’re looking for

Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

Lalalaj lalalala...

ඉස්සර කාලේ වනන්තරේ



ඉස්සර කාලේ වනන්තරේ
හාවෙක් උන්නා මෝඩපහේ
කොච්චරවත් ඔය ගස් අස්සේ
නිදියන එකමයි කරපු වැඩේ ...//

දවසක්දා තල් ගහක් යටට වී හාව නිදා උන්නා
දඩස් ගාලා සද්දයක් ඇහිල ඌ අවදිවෙලා පැන්නා

ලෝකෙ පෙරළෙනව මෙන්න බොලේ මම දුවලා බේරෙන්නා
මෙහෙම හිතාගෙන පරාණ බයටම හාවා දුව යන්නා

අතරමගදි මුණගැසුණු හැමෝටම දුවන ගමන් හාවා
ලෝකෙ පෙරළෙනව බේරෙන්නට නම් දුවපල්ලා කීවා

මුවෝ ගෝන්නු ද කොටි ද වලස්සු ද ඉත්තෑවෝ ඇත්තූ
හාවත් එක්කම දුවන්න ගත්තා මෙකී නොකී සත්තූ

කැලේ රජා සිංහයට හදිස්සියෙ ඇහිලා මේ යුද්දේ
දුවන සතුන් රැල මැද්දට ඇවිදින් ඇහුවා ඇයි සද්දේ

අනේ රජතුමනි ලෝකෙ පෙරළෙනව ඒකයි අපි දිව්වේ
තල් ගහ පැත්තේ ඉඳලා ඇවිදින් හාවයි එය කිව්වේ

හාවත් එක්කම තල් ගහ පැත්තට සිංහය ඇවිදිල්ලා
හේතුව හෙව්වම තල් අත්තක් උඩ බෙලි ගෙඩියක් වැටිලා

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණම ලොව පෙරළෙයි කියලා
කලබල වීලයි හාවා දිව්වේ හැමෝම බය කරලා

පුංචි දේකටත් කලබල කරලා දඟලන අය ලෝකේ
මිනිසුන් අතරත් නිතරම හමුවෙයි මේ හාවා වාගේ ...///

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - ආනන්ද පද්මසිරි
තනුව - එච්.එම්. ජයවර්ධන

පෙම් ලෝකෙ පුරා

පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා

ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා

අත ගන්න ඔබේ
මම විඳපු දුකේ
හැටි දන්නෙ මෙමා විතරයි ...//

ඔබ දැක නොබලා
මට ඉන්නට බැහැ
ඒ හින්ද තමා
මම එන්නේ ඔබව සොයා

කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//

ඒ සුබ සිහිනේ
ඇයි එළි නූනේ
පෙම් රජ දහනේ
තනි වේවිද අපි දෙන්නා

කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//

ඒ සුබ සිහිනේ
ඇයි එළි නූනේ
පෙම් රජ දහනේ
තනි වේවිද අපි දෙන්නා

පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා

ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - බැසිල් එම්. සිල්වා

තනුව - 1827 තරම් ඈතක පැවතී යයි තහවුරු කරගෙන ඇති, Friedrich Silcher කතෘ ලෙස ද තහවුරු කරගෙන ඇති Muss i den නම් ගීයෙනි.
ඔහු එය රචනා කර ඇත්තේ පැරණි යුරෝපීය ප්‍රදේශයක්  වූ Swabia වේ ජන ගීයක් ඇසුරිනි.
දැනට මෙම ප්‍රදේශය අයත් වන්නේ ජර්මනියටයි.  

1960 දී පමණ එල්විස් ප්‍රීස්ලි ගැයූ "වුඩ්න් හාට්" ගීය Muss i den ජර්මන් ගීයේ තනුවට නිර්මානය වී ඇත.

"පෙම් ලෝකෙ පුරා" ගීය එල්විස් ගැයූ Wooden Heart ගීයේ අනුකරණයකි.


  
Wooden Heart ගීයේ පද

Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
Cause I don't have a wooden heart

And if you say goodbye
Then I know that I would cry
Maybe I would die
Cause I don't have a wooden heart

There's no strings upon this love of mine
It was always you from the start
Treat me nice
Treat me good
Treat me like you really should
Cause I'm not made of wood
And I don't have a wooden heart

Muss i denn, muss i denn
Zum Stadtele hinaus
Stadtele hinaus
Und du, mein Schatz, bleibst hier?

There's no strings upon this love of mine
It was always you from the start
Sei mir gut
Sei mir gut
Sei mir wie du wirklich sollst
Wie du wirklich sollst
Cause I don't have a wooden heart



ජර්මන් ගීය

Muss i denn, muss i denn
zum Städtele hinaus, Städtele hinaus,
Und du, mein Schatz, bleibst hier?
Wenn i komm', wenn i komm',
wenn i wiedrum komm', wiedrum komm',
Kehr' i ein, mein Schatz, bei dir.
Kann i glei net allweil bei dir sein,
Han i doch mein Freud' an dir!
Wenn i komm', wenn i komm',
wenn i wiedrum komm', wiedrum komm',
Kehr' i ein, mein Schatz, bei dir.

Wie du weinst, wie du weinst,
Dass i wandere muss, wandere muss,
Wie wenn d' Lieb' jetzt wär' vorbei!
Sind au drauss, sind au drauss
Der Mädele viel, Mädele viel,
Lieber Schatz, i bleib dir treu.
Denk du net, wenn i 'ne Andre seh',
No sei mein' Lieb' vorbei;
Sind au drauss, sind au drauss
Der Mädele viel, Mädele viel,
Lieber Schatz, i bleib dir treu.

Über's Jahr, über's Jahr,
Wenn me Träubele schneid't, Träubele schneid't,
Stell' i hier mi wiedrum ein;
Bin i dann, bin i dann
Dein Schätzele noch, Schätzele noch,
So soll die Hochzeit sein.
Über's Jahr, do ist mein' Zeit vorbei,
Da g'hör' i mein und dein;
Bin i dann, bin i dann
Dein Schätzele noch, Schätzele noch,
So soll die Hochzeit sein.

ගීයේ අරුත ඉංග්‍රීසියෙන්,

Must I, then, must I, then
to the village must I then, village must I then,
And thou, my dear, stay here?
When I’m back, when I’m back,
When I finally return, finally return,
I’ll come straight to thee, I swear.
Though I can’t be always by thy side,
My joy is always in thee.
When I’m back, when I’m back,
When I finally return, finally return
I shall come home straight to thee.

How thou criest! How thou criest!
'Cause I have to go away, have to go away,
As though our love were now no more.
There are out there, out there,
so many girls, so many girls,
Beloved treasure, I will be true.
Even if I saw another lass,
do not think my love is through:
Let out there, let out there,
let out there be many girls, there be many girls,
Dearest love, I will be true.

In a year, in a year,
When the grapes are good and ripe, grapes are good and ripe,
Then here is where I shall be.
If by then, if by then,
if thy darling still I am, darling still I am
Then married we shall be.
In a year my term is o'er and done,
and then mine and thine I'll be;
If by then, if by then,
if thy darling still I am, darling still I am
Then married we shall be.

Saturday, August 10, 2019

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා



වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා

ඔ වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

ඇස් නටවාලා
රතු තොල් විදහාලා ...//

හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ //
මගෙ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

මල් පෙති වාගේ
කම්මුල් ඔයාගේ ...//

නිල් මැණිකෙන් දෑස තනාලා //
මගෙ සුරංගනී දේදුන්නෙන් ඇහි බැම තියලා

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

ඇස් නටවාලා
රතු තොල් විදහාලා ...//

හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ //
මගෙ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - ක්‍රිස්ටෝෆර් පෝල් ට පවා මෙහි මුල් ගීය ගැන හරි මතකයක් නෑ. ඔහු පවසන අයුරු එය බෙංගාලි ගීයක්.
මමත් ඇති තොරතුරු ඔස්සේ සොයා බැලුවා. ඒ කියන තනුව උපුටා ගත් ගීය සොයාගන්න බැරිවුණා.

හැමදාම මේ කැලෑවේ

හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

මා දැක්ක මොහොතෙ නොකියා
හද ගත්ත නේද උදුරා
රජ වංශයක් ලැබීලා
ඔබ නැති දිනේ ඵලක් නෑ

සිංහාසනේ දමාලා
මම එන්නෙමී සොයාලා
ලංකාවේ ඉතිහාසෙ ලියවේවි මතුදා
අභිෂේක ලැබුවාම අපි දෙදෙනා

හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

මනරංජනීය රූපේ
මගෙ ජීවනේ ප්‍රදීපේ
ඒ දර්ශනේ මවාලා
සැනසෙන්නෙමී බලාලා

ඔබ මේ වනේ තියාලා
බැහැ යන්න පා නඟාලා
පෙම් ලෝකේ මධු පානෙ රස මිහිර උරලා
සැනසෙන්න නැළවෙන්න සැප විඳලා

හැමදාම මේ කැලෑවේ
මල් නෙළන මේ වෙලාවේදී
ඔබ කවුරුදැයි ප්‍රියාවී
පවසන්නකෝ හිනාවී ...//

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද- බැසිල් එම්. සිල්වා
තනුව බටහිර ගීයකින් උපුටා ගත්තකි.



ප්‍රංශයට අයත් බටහිර ඉන්දියානු කොදෙව් දූපත් වල ජන ගීයක නාද රටා පදනම් කරගෙන 1931 දී Léona Gabriel විසින් පළමු වරට තැටි ගත කරන ලද ප්‍රකට ජන ගීයක් වන "Maladie d'Amourගීය වඩාත් හොඳින් ප්‍රජාව අතර රෝපණය කරනු ලබන්නේ, 1949 දී Henri Salvador 
විසින්. අන්න ඒ ගීයේ තනුව තමයි හැමදාම මේ කැලෑවේ යන ක්‍රිස්ටෝෆර් පෝල් ගේ ගීයට යොදා ගෙන ඇත්තේ. 
මෙහි පහත ප්‍රංශ බසින් වන ගායනයක් තියෙනවා. පසු කාලයක මෙම තනුව යොදා විවිධ භාෂා වලින්  ගී රැසක් බිහිවී තියෙනවා.
ප්‍රංශ බසින් ගායනය වූ Maladie d'Amour ගීය






බෙල්ලෝ මුතු බෙල්ලෝ

බෙල්ලෝ මුතු බෙල්ලෝ
මෙන්න මං ගෙනාවා
එන්න ගන්න මේවා

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ....//

සිලිමට දෙන්නෙ දෙකයි
උණු කැවුම් වගේ විකිණෙයි
පරමාද වුනොත් ඉවරයි
වෙන ගන්න කෙනෙක් නැතිවෙයි ....//

ගන්න ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අද වාසනාව ඇත්තේ
මුතු බෙල්ලො කැඩූ පොත්තේ
දෑවැද්ද දෙන්න දූගේ
හරි ජයට ගන්න දීගේ ...//

තෝර ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අසරණ දුප්පත් කාටත්
වෙන්නට බැරි ඇයි පෝසත්
හැමදාම නෑ ලැබෙන්නේ
හරි කලාතුරිනි එන්නේ ...//

හොඳ මාලයක් හදන්න
මේ මුතු අරන් බලන්න ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ...//
බෙල්ලෝ මුතු බෙල්ලෝ

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - බැසිල් එම්. සිල්වා
තනුව හා සංගීතය - වර්නන් පෙරේරා

Saturday, January 5, 2019

මැණිකා මැණීකා මැණීකා

මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//

රන් පාට පාට සේද සේල දාලා
මුදු නීල කේස රෑන විහිදුවාලා
ඔය දෑස ප්‍රේම සාගරේක නාවා
ඔබ ආදරේක සුරංගනාවී වේවා ...//

මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//
නෑ නෑ නෑ නෑ නෑ ....//

මනහාරි රූපීකාවි ප්‍රේමපානී
මනමාලි මාගේ ඔබය අමර රාණී
ලබන යලට ගොයම පැසෙන කාලේ
ඔබ රැජිණ කරමී රාජධානී ආලේ

මනහාරි රූපීකාවි ප්‍රේමී
මනමාලි මාගේ ඔබය අමර රාණී
ලබන යලට ගොයම පැසෙන කාලේ
ඔබ රැජිණ කරමී රාජධානී ආලේ

මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//

ගායනය - ක්‍රිස්ටෝපර් පෝල්
පද - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - Rocco Granata


Rocco Granata ගැයූ ඉතාලි ගීය (1959)

Mi sono innamorato di Marina
Una ragazza mora ma carina
Ma lei non vuol saperne del mio amor
Cosa farò per conquistar il suo cuor

Un giorno la incontrai sola, sola
Il cuore mi batteva a mille all'ora
Quando gli dissi che la volevo amare
Mi diede un bacio e l'amor sbocciò

Marina, Marina, Marina
Ti voglio al più presto sposar
Marina, Marina, Marina
Ti voglio al più presto sposar

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Marina, Marina, Marina
Ti voglio al più presto sposar
Marina, Marina, Marina
Ti voglio al più presto sposar

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh no, no, no, no, no
Oh no, no, no, no, no
Oh no, no, no, no, no
Oh no, no, no, no, no

Song - Marina
Singer, Lyricist & Composer - Rocco Granata

Wednesday, March 25, 2015

රුවන් තොරන් තනා


හා.. හා.. හා.. හා......
හ්ම්.. හ්ම්ම්.. ම්.. ම්ම්ම්...
හා.. හා.. හා.. හා......
හ්ම්.. හ්ම්ම්.. ම්.. ම්ම්ම්...


රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
//
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
//
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා


හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා
මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා


හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා

මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා
බොල්ගොඩ ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා

ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලාලා


රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
//
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා


බෙන්තර ගඟ ළඟින්
සඳ කිඳුරන් බලන්
ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන්


බෙන්තර ගඟ ළඟින්
සඳ කිඳුරන් බලන්

ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන්
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා

ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා


රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
//
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
//
රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා


ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල් සහ පිරිස
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව හා සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න



මුල් ගීය

 

පසු කලෙක ගායනයක්