Wednesday, February 24, 2021

ඇල දොළ ගංගා යාවි ගලා

ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

මේ දැක මැණිකෙගෙ හද පතුළේ
රසවත් සිතුවිලි ඇතිවන්නේ
කාව සොයාගෙන හිනැහී යනවද
මල වගෙ ලස්සන රන් මැණිකා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ආදරි එන්නට කීවාදෝ
ඔහු හට ඔබෙ හිත දුන්නාදෝ
ඔබ මට කමතී වෙනවාදෝ සුදු
ඔබෙ ඔය දෑතම දෙනවාදෝ

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද - කැමිලස් පෙරේරා
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය



ගීය නව සංගීත සංයෝජනයෙන්

No comments: