Showing posts with label ඉන්ද්‍රානි බෝගොඩ. Show all posts
Showing posts with label ඉන්ද්‍රානි බෝගොඩ. Show all posts

Saturday, July 27, 2019

මොර මල් පිපුණා ද නඟෝ

මොර මල් පිපුණා ද නඟෝ බැද්ද ඉසව්වේ
පෙර පින් මහිමෙන් ද නඟෝ මට හිත් ලැව්වේ


දීග පඬුරු කෝනම් මී වද ගෙට යැව්වේ
ආලවන්තකම අයියගෙ මන්ද නොකිව්වේ


සුරතල් මගෙ බාල නඟෝ බහක් නුදුන්නට
හිරිමල් කැකුළිය සන්දියෙ හිත් බැඳුණේ මට


මොර මල් පිපුණාද නඟෝ බැද්ද ඉසව්වේ
පෙර පින් මහිමෙන් ද නඟෝ මට හිත් ලැව්වේ


දීග පඬුරු කෝනම් මී වද ගෙට යැව්වේ
ආලවන්තකම අයියගෙ මන්ද නොකිව්වේ


බඹරගලේ පැණි පිරෙනා බක් මහ සීතෙට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට

සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ සමග අමරසිරි පීරිස්
පද - ආරියසේන වඩුගේ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

ත්‍රෛලෝක නේත්‍ර

ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා ..//

වින්ද්‍ය නේත්‍රයෙන් බලා අනන්ථ විශ්වයේ සරා
සව් සතුන් යොමා අමා උතුම් නිවන් විමන් කරා

ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා

සාරසංඛයක් පුරා භවෙන් භවේ පෙරුම් පුරා
දෙව් බඹුන් නරන් වෙතින් බැතින් වැඳුම් පිදුම් ලබා

ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද - ආරියසේන වඩුගේ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

කෝටියක් අම්මාවරුන්ගේ

කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා ....//

කෝටියක් සැමියන් නිසා
කෝටියක් බිරියන් හෙළූ
කඳුළු බිඳුවෙන් උපන් තෙද බල
සත්පතිනි අම්මා
සත්පතිනි අම්මා

කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා

රුවන් සලමින් ආවඩා
පවන් සිහිලැල් සළු සලා
නිවන් අම්මාවරුන්ගේ ගිණි
මල් පතිනි අම්මා
මල් පතිනි අම්මා

කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද - ආරියසේන වඩුගේ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

Monday, March 23, 2015

රෑ සීතල මුතු පින්නේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ ...//

මල් පාවඩ අතුරාලා
අප ගියෙ දුර පියමං කරලා ...//
නොපෙනෙන ඈතක මා රඳවා
ඔබ කොහෙද ගියේ
ඔබ කොහෙද ගියේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

සුළඟ ලෙසින් ඔබ ඇවිදින්
යළි සුළඟ ලෙසින් වෙන්වී
සිහින විමන් දොර කවුළු වසා
ඔබ නෑ දුටුවේ
ඔබ නෑ දුටුවේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - මාලිනී වික්‍රමසිංහ
තනුව - ඉන්ද්‍රාණි බෝගොඩ

මා සිත් අහසේ

මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ

ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක්
...//

අද රැය පීරූ සිතිවිලි වලියේ
ඉම නොදැනෙන හෙට දිනයට ළංවේ

මේ එළියද ඒ අඳුරද හැමදා
අතනෑරම අප ලුහුබැඳ එන ඒ


මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ

ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක්

 

ඊයේ අද හෙට සේ දින බෙදුවේ
දිවි ගමනේ පියමං සළකුණු වේ

සුසුමින් නොනිවා ඔබ දිවි පහනින්
හෙට තව පහනක් දැල්විය යුතුවේ


මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ

ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක්

 

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ සහ අමරසිරි පීරිස්
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - අමරසිරි පීරිස්

Sunday, March 22, 2015

ඉතිරි වුණේ මට

ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

එදා මෙදා තුර හිනැහුණත් ඔබ ඈ සමඟින්
ප්‍රේමය නම් නිර්මල සම්පත
ළයට තුරුළු කර මමයි කඳුළු හෙළුවේ
ප්‍රියාදරයාණනේ
ඔබ නොවෙයි මමයි හැඬුවේ

ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

කාල කල්ප තව ගෙවී ගෙවී යයි සංසාරේ
මගෙ කඳුළින් සියවස් පසුවී
දිනක් ලබනු ඇත ඔබත් කඳුළු සලනා
ප්‍රියාදරයාණනේ
මා වගේ ඔබත් හඬනා

ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
(සූරියකාන්තා)
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

 

පිණි මල් ගඟුලෙන් මුව දෝවන්නේ
මිහි මත රන් සළු පිළි පළඳන්නේ
සූරිය මල් කිම තවම තැවෙන්නේ
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ


නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූ

නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

 

අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමඟ බලා සිටින්නේ


නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූ
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා
...//

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ සමග අබේවර්ධන බාලසූරිය
පද රචනය - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

හිරු වඩින මාවතේ

හිරු වඩින මාවතේ
කොතැන හෝ මුණගැසී
පැතුම් මල් පුබුදුවා
නෙත ගැටෙන වෙලාවේ
කුරිරු වූ දහස් නෙත්
එක ඇසිල්ලෙන් වසා
හිතේ දුක් තැවුල් හැර
සිනාසෙමුදෝ කෙසේ

ලොවම අමතක වෙලා
හිත් බැඳුණු වැරැද්දෙන්
දඬුවමක් ලෙස ලැබෙයි
වේදනා හැමදිනේ

අහස මෙන් අනන්ථව
කොතෙක් තිබුණ ද හිතේ
දිනන්නට බැරි පෙමින්
කිම ද හෙට ඇති ඵලේ

ඔබ මගෙයි කියන්නට
මට දිනක් ලැබෙයි දෝ
එයයි මා නොලද දේ
මේ මහා විශ්වයෙන්

හිරු වඩින මාවතේ
කොතැන හෝ මුණගැසී
පැතුම් මල් පුබුදුවා
නෙත ගැටෙන වෙලාවේ
කුරිරු වූ දහස් නෙත්
එක ඇසිල්ලෙන් වසා
හිතේ දුක් තැවුල් හැර
සිනාසෙමුදෝ කෙසේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද - දයා ද අල්විස්
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

මොනාලිසා

හා හා...
හා හා...
මොනාලිසා


ඔබ සිනාසෙතියි කවුරුන්දෝ කීවේ
ඔබෙ නෙත් සඟළින් කඳුළුයි මා දුටුවේ

සිනාසෙන්නන් හා සිනා නඟන්නී
ළතැවෙන්නන් හා සුසුම් හෙළන්නී


හා හා...
හා හා...
මොනාලිසා


ඇසිපිය නොහෙළා ඔබ රුව දෙස බලනා
මා දෑස නඟන පැන විසඳා දෙනු ළඳුනේ

ඔබේ පියවුණු තොල් අතරේ
සැඟවී ඇත්තේ මද හසරැල්ලක් නොවෙදෝ


දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි


හා හා...
හා හා...
මොනාලිසා


මහ සිත්තරුගේ පහසින් ඔදවත් වූ
තෙළි තුඩ හමුවේ නොහඬණු මැන ළඳුනේ
ඔබෙ සිහින් දිගැටි නෙතගේ
දියවී ඇත්තේ දුක් කඳුළැල්ලක් නොවෙදෝ


දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි

හා හා...
හා හා...
මොනාලිසා

හා හා...
හා හා...
මොනාලිසා


ගායනය - අමරසිරි පීරිස් සමග ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පූජාසනයේ හිනැහී මැලවෙන

පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ
පහන් වැටේ ආලෝකය වැතිරේ
විඩා බරින් නැඟි සුසුමන් පිසදා
නිවී නිවී සිතිවිලි සැනසේ

පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

දිවිමග රැඳි කඳුළැලි සෝ ළතැවුල්
මැකී නිබඳ සිත ගිමන් නිවේ
ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක
සිත නැවතී දැහැනකින් බැඳේ

පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - පුෂ්ප තරංග රණතුංග
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

විදුලිය එළිය දැක

විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී
ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී

විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
තනුව - ෂෙල්ටන් විජේසේකර

නීල වර්ණ නීල කොබෙයියෝ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල
එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර
නීල වර්ණ නීල කොබෙයියෝ

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - පී.එච්.කේ. රත්නසිරි
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

සීත දිය රැල් සලා

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

විල් තෙරේ පීණු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැලුවේ

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
පද රචනය - ධර්මදාස පරණගම
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

මා හිස පිරිමැද

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ .....//

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැණුනේ
එතරම් අසරණවී
නෑ කිසි දින තනිවී

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - දයා ද අල්විස්
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

පෙම් කළ වරදට

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

යන එන හමුවන මඟ අවුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදෝ ...//
නොපෙණෙද ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා
සැනහෙනු මේ රැකවල් බිඳදා

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියෙ ඔබෙ අණට හොරා ...//
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - දයා ද අල්විස්‌
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

මගේ නීල නෙතු සඟළින්

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

හඳ එළියේ කාන්සියේ
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකිබින්දා

මගේ නීල නෙතු සඟළින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟළින්

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ඩෝල්ටන් අල්විස්‌
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

අහස උසට නැග

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතු කුටියේ මම කාන්සියේ ...//

උඩට ගියත් නුඹ මහ පොළවේමයි
හිත හොඳකම හින්දා
නුඹ හදනා මැදුරට එන දෙවියොත්
ඒ වාගෙද මන්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

හිතට බයයි නුඹ වැඩි උඩ යනකොට
නුහුරුකම ද මන්දා
බිමට වරෙන් මගෙ බුදු අයියණ්ඩියෙ
මම තනියම හින්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ආරියසේන වඩුගේ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

මා ප්‍රිය හිමියණි

මා ප්‍රිය හිමියණි රැය නිදි නොලබා
පහන් කළෙමි ඔබෙ රුව දකිනා තුරු
සයුරෙහි දළ රළ වෙරළට පෙරළී
මා හද වෙලුවා සිතුවිලි බියකරු

නැගෙන කුණාටුව
සීතල වැහිපොද
නොතකා දියඹට ඔරුව ගෙනාවේ
මා පොඩි පුතු හා ඔබ රැක ගන්නයි
දෑතේ සවි බල හබලට යෙදුවේ

මා ප්‍රිය හිමියණි

කොතැනක හිටියත් දෙවි රැකවරණින්
ඔබගේ අරමුණු සැම ඉටුවන්නට
පතනෙමි හිමියණි
දුක් නොදැනෙන්නට
එපා තවත් දුර ඈතට යන්නට
මා ප්‍රිය හිමියණි

පොල් අතු කුටියක
පුතු තුරුළට ගෙන
ඔබ නිදනා හැටි සිහියට නැගුණා
හෙට එළිවන්නට පෙර ඔබ දෙදෙනා
දැක ගන්නට මම ගෙපැලට එනවා

මා ප්‍රිය හිමියණි රැය නිදි නොලබා
පහන් කළෙමි ඔබෙ රුව දකිනා තුරු
සයුරෙහි දළ රළ වෙරළට පෙරළී
මා හද වෙලුවා සිතුවිලි බියකරු

නැගෙන කුණාටුව
සීතල වැහිපොද
නොතකා දියඹට ඔරුව ගෙනාවේ
මා පොඩි පුතු හා ඔබ රැක ගන්නයි
දෑතේ සවි බල හබලට යෙදුවේ

මා ප්‍රිය හිමියණි

ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ සහ ෂෙල්ටන් පෙරේරා
පද රචනය - ක්‍රිස්ටි ගුණසේකර‌
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

සීගිරි නාරිලතා

සීගිරි නාරිලතා ගිරි මුදුනේ
තනි වී ළතැවිල්ලේ
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

හැඩි දැඩි ළයකට බැදි පෙම් බිඳලන
සීගිරි නාරිලතා
පව්වේ පාමුල ඒ හද වියැකිණි
නොහඬන් නාරිලතා
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

කෝමල ළය පෙති නොදවන් සෝකෙන්
සීගිරි නාරිලතා
සදාකාලිකව නිදනා පෙමකට
නොහඬන් නාරිලතා
නොහඩන් නාරිලතා
සිගිරි නාතිලතා

දිගු නෙත් කැල්මෙන් සතපන් මා හද
සීගිරි නාරිලතා
හද පෙම් ගීයේ තනුව වයණු මිස
නොහඬන් නාරිලතා
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

සීගිරි නාරිලතා ගිරි මුදුනේ
තනි වී ළතැවිල්ලේ
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - රත්නකුමාරි අමරසූරිය
තනුව - චන්ද්‍රදාස බෝගොඩ