Showing posts with label නන්දා උඩවත්ත. Show all posts
Showing posts with label නන්දා උඩවත්ත. Show all posts

Friday, September 30, 2016

මලයි බිඟුයි

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

ගිරගින් හෙමිහිට ගලනා
සීතල නිල් දිය දහරට
සිසිලස ඔය හද මඬලින්
දෙනු මැන මා පිය ළඳුනේ
පිය ළඳුනේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

හිඳින්න ළදැරියක වගේ
හැමදා ඔබෙ තුරුල්ලේ
දෙමාපියන් සේ ළංවී
ඉන්නකො මා පිය සබඳේ
පිය සබඳේ

මලයි
බිඟුයි
යා වෙන සේ
අපි දෙන්නගෙ මේ සෙනෙහේ
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි
ඔබ මානෙල් කුසුමයි
ඔබ ලා හිරු මඬලයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද - නන්දා උඩවත්ත
තනුව - සිරිල් පෙරේරා

Monday, December 9, 2013

අර සඳ පළුවෙන්

අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි ...//

තුරු හිස සිඹ සිඹ
වැද මද නළ
මුමුණන විට ගී සවනට ...//
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම ...//
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ

අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

ගායනය - සේනානායක වේරලියද්ද
පද - නන්දා උඩවත්ත
තනුව - ජානක ෆොන්සේකා

Sunday, December 8, 2013

නන්දනීය පෙම

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා //

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා //

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ගායනය - සේනානායක වේරලියද්ද
පද - නන්දා උඩවත්ත
තනුව - සිරිල් පෙරේරා