Showing posts with label එස්. ලියනගේ. Show all posts
Showing posts with label එස්. ලියනගේ. Show all posts

Saturday, January 12, 2019

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා


අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා.......//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා


යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ 
භූගෝලය ඉතිහාසය ගණිතය 
ලේසියි මට අද කජු වාගේ //

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා.......//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

ගුත්තිලයේ කවි ටික කටපාඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොදයි නිනන්දට යනවිට
කියවන්නට එය හරිම අගෙයි //

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා.......//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

පෙරපර දෙදිගම රසවත් පොත පත 
ඉඩ ලැබු හැමවිට කියවනවා
මා ලොකු වූ පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා //

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා.......//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා

ගායනය - එස්. ලියනගේ
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ඩී. ආර්. පීරිස්