Showing posts with label රවි හංස වැටකේපොත. Show all posts
Showing posts with label රවි හංස වැටකේපොත. Show all posts

Friday, February 3, 2017

මතකද හැන්දෑවේ අපි දෙන්නා

අහසේ තරු කැන් නිවිලා දුකකින් වාගේ
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුණා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරෙන් (ආදරෙන්)
මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා ....//

තනිකම දැනුණත් හිතට මතකය නැහැ නික්මීලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා

ඔබ පෙරදා ආදරෙන් (ආදරෙන්)
මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා ...//

සුසුමේ වෙලී
උණුසුම් වෙවී
වස්සානයේ අප ළං වූ හැටි
හිරිමල් හිතේ
හීනයක් වගේ
හීනයක් ද ගීතයක් ද මේ ජීවිතේ

ඔබ පෙරදා ආදරෙන් (ආදරෙන්)
මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා...//

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා ...//

ගායනය – රයිනි චාරුකා ගුණතිලක සමඟ රුවන් හෙට්ටිආරච්චි
පද රචනය – නිලාර් එන්. කාසිම්
සංගීතය – රවි හංස වැටකේපොත