Showing posts with label නදීක ගුරුගේ. Show all posts
Showing posts with label නදීක ගුරුගේ. Show all posts

Tuesday, October 1, 2019

සිඳු පතුළේ කිමිද සැඟවී


සිඳු පතුළේ කිමිද සැඟවී
සැඟවී
නිල් දියඹ පීර පීරා
(හා අඅආ... ආ...
සොයමී... නුඹව මා
සොයමී නුඹව මා
කිඳුරාංගනාවියේ ...


හා හා.. ආ ආ..

හා.. ආ. ආ...

හා.. අ ආ...

හා ආ.. ආ..


මල් මී සොයමුද ලොල් වී (ඉඉ ඉඉ ඊ ඊ...
ලොල් වී
සිත් බඹරු සරති මත්වී
(හී ඉඉ ඊ.. ඊ ඊ...
මත්වී
මා සනහලන්න
මා.. සනහලන්න
සඟවාලා ඔය ළමැදේ (ඒ... ඒ...

හ අ අඅ ආ...

අඅ අඅ ආ...

ආ.. ආ...

හා ආ.

හා.. ආ..
.

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... එඑඑ ඒ.. ඒ.... (හා අ ආ... හා අඅ ආ.. ආ..
රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ
... (එඑඑ ඒ.. ඒ....
මා හොවාලන්න
මා හොවාලන්න

නුඹේ උකුළු යහනේ ඒ.. ඒ.... (හා....

හා.....

හිත උමතු වෙමින් සසැලී
ගත හිවුඩු ද ඉරි අඳී
මා නිවාලන්න
මා නිවාලන්න
මා.... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ


ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යාංගනී
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


Sindu Pathule - Nadeeka Guruge

නිල් අහසින්


නිල් අහසින් මට තරුවක් දෙනවාද
ඒ තරු එළියෙන් හසරැල්ලක් දෙනවාද
මිහිරියි ජීවිතේ නැළවෙමුද ස්නේහයෙන්
බෙදාගන්නම් ඒ ආදරේ


සුවඳයි පෙම් කුසුම්
පවනේ මුසුවුණේ

නොපෙනේ නිමක් ආදරේ

පිපි තඹරක් වී අප ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වී අප ජීවිතයම එකලු කරන්නම්
සඳ දිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම් (ම් ම්...
නිල් අහසක් වී මම ඉන්නම්

ඔබේ සුසුමින් මා ජීවත්වෙමී මිහිරේ සැමදා
ඔබේ සුවඳින් මා මන්මත් වූවා දිවියේ සැමදා
භවයෙන් භවේ
පැතු සේ හමුවුණේ
ස්නේහේ හැඟුම් හද පුරා


සුවඳයි පෙම් කුසුම්
පවනේ මුසුවුණේ
නොපෙනේ නිමක් ආදරේ


පිපි තඹරක් වී අප ජීවිතයට සුවඳක් වන්නම්
හිරු කිරණක් වී අප ජීවිතයම එකලු කරන්නම්
සඳ දිය සළුවක් වී ඔබ ළඟ සැමදා දැවටෙන්නම් (ම් ම්...
නිල් අහසක් වී මම ඉන්නම්
හා.. ව් හහ් හා.. ව්
ටර රිර ටරී....
හේ.. යේ... හේයි
රූ... රුරු රූ..
ටර රිරාරි ටරි රරි රරි
හේ.. යේ... යේයි
ටර රිරාරි
ටරි රරි රරී රේ...


ගායනය - උපේඛා නිර්මාණි සමග චත්‍ර සේරසිංහ
පද - අකලංක සේරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා (පළමු කොටස) චිත්‍රපටියේ ගීයකි.




Nil Ahasin - Upekha Nirmani & Chathra Serasinha

Sunday, February 5, 2017

සිඳු පතුලේ කිමිද


සිඳු පතුලේ කිමිද සැඟවී....
සැඟවී
නිල් දියඹ පීර පීරා ... හා හහ හාහා......
සොයමී... නුඹව මා ...
සොයමී... නුඹව මා ...
කිඳුරාංගනාවේ

හා හා හා...
මල් මී සුවඳක ලොල්වී
ලොල්වී
සිත් බඹරු සරති මත්වී
මත්වී..
මා සනහලන්න ....
මා සනහලන්න .... සඟවාලා ඔය ළමැදේ

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ......

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ..........

මා හොවාලන්න
මා ... හොවාලන්න
නුඹගේ උකුළු යහනේ ..............

හිත උමතු වෙමින් සසැලී ...
ගත හිවුඩුද ගිනි ඇවිලී
මා ... නිවාලන්න
මා ... .... නිවාලන්න
මා ... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ

ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යෘංගනී කීර්තිනන්ද
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

(මේ ගීය පුරා ඇති හාමනි, ආලප් හා මිනිස් හඬ අලංකාර අකුරු වලට ඇමිණිය නොහැක.)

Monday, January 23, 2017

අරන්යානි දෙව් දූ ඇවිදින්


අරන්යානි
අරන්යානි
අරන්යානි

අරන්යානි දෙව් දූ ඇවිදින්

අරන්යානි දෙව් දූ ඇවිදින්

අර්.. අයිරෙ අයිරෙ අයිරා..

දේව සභාවම සොයනතර ඈ ....
දේව සභාවම සොයනතර ඈ .......
පිටව ගිහී .... ඉඊ ඉඊ ඉඊ ඊ........න් දෙව් ලොවින්

අරන්යානි දෙව් දූ ඇවිදින්
සඳ පා...යන තුරු රෑ අහස අරා(ආ.. ආ... ආ....)

දේව සභාවට
සදා දෙවාවද
වෙහෙසෙන දෙවිවරු නිදි නොලබාවිද
බලන්න ආවේ...(ඇය ගෙන ගිය හිත)

අඳුර තරම් සුව එළවන සළුවක් (සුව සළුව...ක්)
නිදිබර නෙත් මෙන් ගැඹුරුම දහමක්
මේ ලෙසමැ හද බියවන සතුටක්
වෙනත් කොහිද ඇත්තේ(වෙලා රැය කරා (..අරන්යානී ...)
අපට රෑ ගෙනත්

කුමරුනී කුමකට තැවෙනු සොවින් ...

ගායනය - දිලිකා අබේසේකර සහ චන්ද්‍රිකා සිරිවර්ධන
පද - ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

මහරජ ගැමුණු සිනමා සිත්තමෙන් ....

අරන්යානි කදුළු සළන විට


සද පායන්නේ
සීතල අරගෙන
ඉර පායන්නේ
ගිනි ජාලා අරගෙන

අරන්යානි කදුළු සළන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැළි රහසක් මුමුණන තරමට
අහසට කොදුරා රහස් කියව්

රණ හස සර සේ ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුනිවත සුරකිව්
කල්‍යාණ කරුණු සිහිකොට හැම විට
ඈ දෙව් පුතු අරුණළු කැඳවව් (හහ්හ් හඃ)

(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)

ගායනය - නදීක ගුරුගේ
පද - ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

2014 දී තිරගතවූ “මහ රජ ගැමුණු” චිත්‍රපටියේ ගීයකි.

සඳ මඬල වී


සඳ මඬල වී ගුවනේ දිළෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්.....
පාවී...
පාවී.. ආවත්
මඳ සුළඟ සේ ගත සිත නිවෙයි

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු ඵල රස විඳීනා පින නැතත්
සිත තුටින් පිරීයයි

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වන දේ යළී
හෙට දෙපා මුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

2014 දී තිරගතවූ "මහ රජ ගැමුණු" චිත්‍රපටියේ ගීයකි.