Monday, January 23, 2017

සඳ මඬල වී


සඳ මඬල වී ගුවනේ දිළෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත්.....
පාවී...
පාවී.. ආවත්
මඳ සුළඟ සේ ගත සිත නිවෙයි

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්

ඵල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු ඵල රස විඳීනා පින නැතත්
සිත තුටින් පිරීයයි

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වන දේ යළී
හෙට දෙපා මුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ
ඉටු නොවන සිතුවිල්ල එයම වේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය - නදීක ගුරුගේ

2014 දී තිරගතවූ "මහ රජ ගැමුණු" චිත්‍රපටියේ ගීයකි.

No comments: